Uncategorized

1840 මුඩු බිම් පණතට නොදෙවෙනි මහා පාවාදීමකට පණ අදින ආණ්ඩුව සූදානම් !

‘ස්ටොප් යූඑස්ඒ’ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ශ්‍රී ලංකාවේ ඉඩම් අයිතිය ඇමෙරිකාවට මංකොල්ලා කෑමට ඉඩ සලස්වන මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට පසුගිය අඟහරුවාදා ඇමති මණ්ඩල අනුමැතිය ලැබුණා. ජනපතිවරණයට පෙර මේ ගිවිසුම අත්සන් කරන බවට අගමැති පවසනවා. ජනාධිපතිවරණයට පෙර මෙම ගිවිසුම අත්සන් තැබීමට ඉඩ ලබා නොදෙන බවට ජනාධිපතිතුමා ඊයේ අපට පොරොන්දු වුණා. හැබැයි ඉතින් අගමැති සහ ඇමති මංගල ජනාධිපතිගේත් කනින් රිංගලා මේ ගිවිසුම අත්සන් තබන්න ඉඩ තිබෙනවා.

අගමැතිතුමා නම් අහන්නේ ඩොලර් මිලියන 480ක් තෑග්ගක් විධියට ලැබෙන නිසා මේ ගිවිසුම අත්සන් කිරීමේ වැරැද්ද මොකද්ද කියලා. තමන්ගේ අම්මාට මිළක් නියම වුණොත් විකුණලා දාන්න ඔබ සූදානම් ද කියලා අපි අගමැතිගෙන් ප්‍රශ්න කරනවා. ඔබේ අම්මාට මිළක් නියම කරන්න ඔබ සූදානම් වුවත් අපේ ලක් අම්මාට මිළක් නියම කරන්න අපි සූදානම් නෑ කියලා අපි අගමැතිට කියනවා.

මිලේනියම් චැලේන්ජ් ගිවිසුමේ ව්‍යාපෘති දෙකක් තිබෙනවා. ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය. ප්‍රවාහන ව්‍යාපෘතියට අපේ විරෝධයක් නෑ. ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියටයි අපේ විරෝධය තිබෙන්නේ. මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට තියෙන විරෝධය පෙන්වා දීලා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හි ශ්‍රී ලංකාවේ ප්‍රධාන විධායක නිලධාරිනියට යෝජනා කරනවා ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට ලබාදෙන මුදල්ද ප්‍රවාහන ව්‍යාපෘතියට යොදවලා එය පුලුල්ව සිදු කිරීමට. ඇමෙරිකාව ඒ යෝජනාවට විරුද්ධයි. ඇමෙරිකාවට මේ රටේ ඉඩම් මංකොල්ල කෑමේ යටි අරමුණක් නැති නම් රටේ විරෝධය තිබෙන ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අත් හරින්න අකැමැති ඇයි?

මේ සියවස ආසියාවේ සියවස බවත් ආසියාවේ හරි මැද පිහිටි ලංකාව මේ සියවසේ වැදගත්ම රට බවත් ඇමෙරිකානු යුද විශේෂඥ රොර්බට් කප්ලාන් පවසනවා. ඒ නිසා මිලේනියම් චැලේන්ජ් ගිවිසුමේ සැබෑ අරමුණ වන්නේ මේ සියවසේ වැදගත්ම රට බවට පත්වී තිබෙන ශ්‍රී ලංකාව තුල ඇමරිකාව පැළපදියම් කරගැනීමයි. ඒ අනුව මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කර ගැනීමට ඇමරිකාව සමත් වුවහොත් ඒ හරහා ශ්‍රී ලංකාව ලෝක බල අරගලයේ කේන්ද්‍රස්ථානය බවට පත් වෙලා මේ රට ලේ විලක් ගිණිගොඩක් බවට පත්වීම කාටවත් වලක්වාගන්න බෑ.

මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයට එම ආයතනය විසින් යැවූ වාර්තාවේ 6 වන පිටුවේ සඳහන් වෙනවා, මේ සම්බන්ධයෙන් දැනටමත් ඇමරිකාව විසින් නිර්දේශ කරපු ඉඩම් ප්‍රතිසංස්කරණවලට අදාල පනත් කෙටුම්පත් 2ක ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් සකස් කර අවසන්. පනත්කෙටුම්පත් දෙක සම්මත කරගැනීමේ ප්‍රගතිය අනුව තමයි මෙම මුදල් නිදහස් කරන්නේ කියලා. පළමුවන පනත් කෙටුම්පත මීට මාස හතරකට කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අප ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළා. පළාත් සභා යළි සක්‍රිය වන තුරු පළාත් සභාවල එකඟතාවය ලබා ගන්නා තුරු ඒ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන්නා. අනික් පනත් කෙටුම්පත කුමක්ද කියන එක අපි දැකලත් නැහැ. දන්නෙත් නැහැ. මෙය ඉතාම රහසේ කරගෙන යන බව ඉතාම පැහැදිළියි.

1840 මුඩු බිම් පනතින් ඉංග්‍රිසි ආණ්ඩුව මේ රටේ ජනතාවගේ ඉඩම් මංකොල්ලා කෑවා. බණ්ඩාරනායක මැතිණියට පින් සිදු වෙන්න ඒ ඉඩම් යළි ජනසතු කර ගන්න පුළුවන් වුණා. එදා 1840 දී ඉංග්‍රිසින් බලහත්කාරයෙන් කරපු දේ 2019 දී ඇමෙරිකානුවන් තමන්ගේ රූකඩ ආණ්ඩුවක් ලවා කැමැත්තෙන්ම කර ගන්නයි යන්නේ.

ඇමරිකාවට අවසාන වශයෙන් කියන්නේ මේ ආණ්ඩුව පණ අදින ආණ්ඩුවක්. මේ ආණ්ඩුව තියෙන්නේ තව දින පහලවයි. ඒ නිසා පනඅදින මලමිනියක් එක්ක අත්සන් කරන ගිවිසුම් අප වලංගු යැයි සලකන්නේ නැහැ. මලමිනියක් සමග ගිවිසුම් අත්සන් කර එහි වලංගුතාවය රට මත පටවන්නට මෙරට ජනතාව ඉඩ තියන්නේ නෑ කියන පණිවිඩය ඇමරිකාවට ලබා දෙනවා.

– අරවින්ද අතුකෝරල

Related posts

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරය අසාද් සාලිට ?

colombotoday

රනිල් අද හවස ගංගාරාමේදී දිවුරුම් දෙයි

colombotoday

රතන හිමිට විරුද්ධව චම්පික කුමන්ත්‍රණය කරලා – හෙළ උරුමය විරසක වේ

colombotoday

මැයි 2 රජයේ නිවාඩු දිනයක්

colombotoday

කඳුළු කතාවක මතක සටහන් …

colombotoday

පොහොට්ටුවේ මන්ත්‍රිනීයක් පොසිටිව්. පාර්ලිමේන්තු කොවිඩ් පොකුර ඉහළට

colombotoday