Colombo Today Local News

ජාතික අර්බුධ හමුවේ අප ගත යුතු මග ?

‍‍ඓතිහාසික හිදගල රාජමහා විහාරයේ භාරකාර, කර්මචාර්ය (මල්වතු මහ විහාරය), ප්‍රවීන ගීත රචක, ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය සංසුන්ගම ඤාණරතන හිමියන් විසින් රචිත කාලීන, සමාජ දේශපාලන විවරණය ‘කදුළින් ලියැවුණ රටක් අපේක්ෂා“ ග්‍රන්ථය නොවැම්බර් 4 වනදා සවස 3ට කොළඹ 7 පදනම් ආයතනයේදී එළිදැක්වීමට නියමිතය.

වර්ථමානයේ රටත්, ජාතියත් මුහුණ දී තිබෙන ජාතික, සමාජයීය, ශාසනික අර්බුධ රැසක් පිළිබදව විවරණයක යෙදෙන එහිමියන්, ඒ සදහා ප්‍රායෝගික, කාලෝචිත වූ විසදුම් යෝජනාවලියක්ද ග්‍රන්ථය තුළින් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලාංකික සමාජය දෙදරුම් කෑ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය, වත්මනෙහි රට, ජාතියත් මුහුණ දී තිබෙන අභීයෝගාත්මක අර්බුදයේ ප්‍රකාශනයක් ලෙස දකින උන්වහන්සේ ජාතික ප්‍රතිපත්තියක් තුළින් එම සියළු අභියෝගයන්ට විසදුම් ලබා දී අර්ථවත් ලෙස ජාතික සමගිය ගොඩගැනීම සහ ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එක් ධජයක් යට අතීත ශ්‍රී විභූතිය යළි අත්පත් කරගැනීමේ අවශ්‍යතාව ගැඹුරින් අවධාරණය කරයි.

පවතින මැතිවරණ ක්‍රමය ශ්‍රී ලංකාවේ දේශපාලනය බරපතල ගැටළු රැසකට හේතු වී ඇති අතර, කතුවර හිමියන් මෙම ගැටළුව ශාස්ත්‍රීයව අධ්‍යයනය කර, පවතින ගැටළුවට ප්‍රබල ආදේශකයක් ලෙස (කේවල අනුපාත නියෝජන ක්‍රමය) ඉදිරිපත් කර ඇත.

  • ජාතික උපත් හා විවාහ ප්‍රතිපත්තියක්
  • ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්
  • ජාතියට සමබර ආහාර වේලක්
  • ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක්
  • නීතියේ ස්වාධිපත්‍ය තහවුරු කිරීම
  • ගම හදන රට දිනන ජනවරම

වැනි මාතෘකා යටතේ වත්මනේ රටත්, ජාතියත් මුහුණ දී තිබෙන අර්බුධ රැසක් පිළිබදව ගැඹුරු සංවාදයක යෙදමින් ඒ සදහා කාලෝචිත විසදුම් යෝජනාවලියක් ඤාණරතන හිමියන් මෙම ග්‍රන්ථය තුළින් ඉදිරිපත් කර ඇත.

මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්, ඇතුළු ගිහි පැවිදි විද්වතුන් රැසක් සහභාගී වීමට නියමිතය. ප්‍රධාන දේශනය මහචාර්ය ඡන්න ජයසුමන විසින් පැවැත්වීමට නියමිතය.‍

මෙම අවස්ථාව සදහා සහභාගී වන ලෙස පූජ්‍ය සංසුන්ගම ඤාණරතන හිමියන් දෑ සසුන් හිතකාමී සියළු දෙනාගෙන් විවෘත ආරාධනයක් කර සිටී.

Related posts

නීති විරෝධීව බ්‍රිතාන්‍යයෙන් එවූ අවසන් කසළ තොගය යලි නැව්ගත කරයි

colombotoday

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 60කින් ඉහළට

colombotoday

පළාත් පාලන ආයතනවල ප්‍රමුඛ කාර්යය ඩෙංගු රෝගය පාලනය කිරීමයි – ඇමති ප්‍රසන්න කියයි

Admin

කථානායක දේශපාලන කුමන්ත්‍රණවලට යොදා ගැනීමට විරෝධය දක්වනවා – දිනේෂ් ගුණවර්ධන

colombotoday

ගංවතුර බැස යද්දී විග්නේෂ්වරන් එළි බහී… යුද අපරාධ අධිකරණයට විදෙස් විනිසුරන් ඉල්ලයි… හමුදාවට උතුරෙන් යන්නලු…

colombotoday

ජ’පුර රෝහලට කොවිඩ් ආසාදිතව සුවවූ පුද්ගලයෙක් කළ පරිත්‍යාගය

colombotoday