Uncategorized

පොහොට්ටුවේ මන්ත්‍රිනීයක් පොසිටිව්. පාර්ලිමේන්තු කොවිඩ් පොකුර ඉහළට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

සුළු රෝග ලක්ෂණ කිහිපයක් මතුවීමෙන් පසුව සිදුකළ කොවිඩ් පරීක්ෂණයේදී ඇයට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මේ වනවිට මන්ත්‍රීවරිය සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින අතර බරපතල රෝග ලක්ෂණ කිසිවක් නොමැති බවයි වාර්තා වේ.

පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින මන්ත්‍රීවරිය පසුගිය සතියේ පාර්ලිමේන්තු රැස්වීම් සඳහාද සහභාගි වී තිබේ.

මේ අනුව කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ යනු ඇත.

Related posts

යහපාලන රජය රටින් රබර් ගෙන්නන්න කෝටි 18,000 වැය කරලා

colombotoday

මහාචාර්ය ඡන්නගේ වීඩියෝව විකෘති කර ඇත්තේ චම්පිකගේ හනීෆා !

colombotoday

හදිසි අනතුරකින් දිවි අහිමි වූ යාපන සරසවි සිසුවා

Admin

සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නෙන් තුවාල ලැබූ තරුණයා මිය යයි

colombotoday

එස්.බී.ගෙන් සජිත්ට ප්‍රශ්න 3ක්

colombotoday

භාණ්ඩ අලෙවියේදී නිවැරදි දත්ත අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක්

colombotoday