Colombo Today Local News

තවත්නම් නෑ කියනු බැරිවෙයි.. චම්පිකගේ දුරකථන සංඥා ගමන් මග රාජගිරියේ අනතුර හා පෑහෙයි

පසුගියදා රාජගිරිය ප‍්‍රදේශයේදී සම්පත් සන්දීප් නම් තරුණයා රිය අනතුරකට ලක් කර පලා ගියේ ඇමති චම්පික රණවකම බවට තහවුරු වන ප‍්‍රබල විද්‍යාත්මක සාක්‍ෂියක් හමු වූ බව එම නඩුවේ අගතියට පත් පාර්ශ්වයේ නීතිඥයෝ කියා සිටිති.

අනතුර සිදු වූ දින එම වේලාවන්වලදි ඇමතිවරයාගේ ජංගම දුරකතන සංඥා ගමන් මාර්ගය අදාල අනතුර සිදුවී ස්ථානය හා නිශ්චිතව සැසඳෙන බව ඊයේ දිනයේ පොලීසිය විසින අධිකරණයට දන්වා තිබේ.

ඊට අමතරව විත්තිකරු බව පවසමින් පොලිසියට බාර වී ඇති රියදුරාගේ ජංගම දුකතනයේ සංඥා එම අනතුර සිදුවෙද්දි ඒ අසලකවත් නොතිබූ බවද හෙලිව ඇත.

ඇසින් දුටු සාක්‍ෂිය හා මෙම ප‍්‍රබල විද්‍යාත්මක සාක්‍ෂිය අනුව ඇමතිවරයා ස්ථිර වශයෙන්ම මෙම නඩුවේ ප‍්‍රධාන විත්තිකරු වනු ඇතැයිද නීතීඥවරු කියති.

අධිකරණය විසින් එම අවස්ථාවේ CCTV දර්ශණ පරීක්‍ෂා කිරීම සඳහා නියෝග කලද ඇමතිවරයා රියෙන් බැස්ස බවක් ඇසින් දුටු සාක්‍ෂිවලින් නොකියවෙන නිසා එහි ප‍්‍රතිඵල මෙම නඩුවට දැන් ප‍්‍රබල බලපෑමක් සිදු නොවනු ඇතැයිද නිතිඥයෝ කියා සිටිති.

Related posts

“අගමැති ධුරයට යෝජනා වූ නම් ජනපතිට ඉදිරිපත් කර නැහැ”

colombotoday

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1400කට ආසන්න වෙයි

colombotoday

මිනුවන්ගොඩ පොකුරේ තවත් ආසාදිතයින් 49ක් හඳුනාගැනේ

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තුවට බිලියන 10 ක පාඩුවක්

colombotoday

ජොන්ස්ටන්ට ඇප

colombotoday

මන්ත්‍රී සාලින්ද දිසානායකගේ පුරප්පාඩුවට ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවට

colombotoday