Colombo Today Local News

ජොන්ස්ටන්ට ඇප

2013 වසරේ සතොස ආයතනයේ සේවකයන් සිය නිල රාජකාරිවලින් ඉවත් කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුලින් රජයට රුපියල් එකොලොස් ලක්ෂයකට අධික පාඩුවක් සිදු කළේ යැයි ගොනු කර තිබූ අධි චෝදනා ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුට ඇප නියම කිරීමට කොළඹ මහාධිකරණය කටයුතු තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දුන්නේ ඉකුත් නව (09) වැනිදා යි.

එදින නඩුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ අතර ඔවුන්ගේ විදෙස් ගමන් නඩු විභාගය අවසන් වනතෙක් තහනම් කිරීමට ද නියෝග කර තිබේ.

මන්ත්‍රීවරයාට අමතරව මෙම අධි චෝදනාවට විත්තිකරුවන් ලෙස නම් වී සිටියේ සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ මොහාමඩ් සාකීර් යන අයයි.

Related posts

ඇතැම් පාසල් වල මේ වනවිට කොවිඩ් ගැන අවධානය අඩුවෙලා.. දෙවන රැල්ලක අවදානම පහව ගොස් නැහැ

colombotoday

විශ්වාසභංගයට ඡන්දය නොදුන්නේ ජනපති උපදෙස් අනුවයි..

colombotoday

රනිල් පන්නා අගමැති වෙන්න එස් බී බරටම වැඩ – ඒකාබද්ධ විපක්ෂයේ සහයත් ඉල්ලයි

colombotoday

ළමා ආරක්ෂණය පිළිබඳ කමිටු වාර්තාව ජනපතිට

Admin

පොලිසියට තග දැමූ සරසවි සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

සිංගප්පූරු ගිවිසුමට එරෙහිව රතන හිමි සටනට

colombotoday