Colombo Today Local News

අමු මිරිස් කිලෝව රු. දහස පන්නයි

කටුගස්තොට නගරයේ පසුගිය දිනවල රුපියල් හාරසියයට අලෙවි වූ අමු මිරිස් කිලෝව ඊයේ (13වැනිදා) රුපියල් දහස – එක්දහස් දෙසීය දක්වා ඉහළ ගොස් තිබේ.

නගරයේ පදික වේදිකා ආශ්‍රිතව සිල්ලර වෙළෙඳාමේ නිරත ව සිටින පුද්ගලයන් එසේ අමුමිරිස් වැඩිමිලට අලෙවි කිරීම පිළිබඳව මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපතිවරයාගෙන් කළ විමසීමේ දී ඔහු කියා සිටියේ ඊයේ (13 වැනිදා) ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 680ත් 700ත් අතර පැවැති බවය.

අතරමැදියන් මිල ඉහළ දැමීම මගින් අසරණ පාරිභෝගික ජනතාව තව තවත් පීඩාවට පත්වෙන බව ඒ මහතා කියා සිටී.

-අරුණ –

Related posts

රත්නපුර රෝහලේ වාට්ටු 3 ක් වැසෙයි.. 101 ක් නිරෝධායනයට

colombotoday

කොටස් වෙළඳපොලේ දැවැන්ත කඩා වැටීමක්

Admin

මගේ පිටකොන්ද ජාත්‍යන්තරයට පෙන්නුවා.. හුසේන්ගේ යෝජනාව පැය 24න් ප්‍රතික්ෂේප කළා

colombotoday

බන්ධනාගාර තාප්පෙට ඉහළින් එන පාර්සල්

colombotoday

“ජනවාරි 08ට වඩා ලොකු පෙරළියක් කරනවා“ – මෛත්‍රී අනතුරු අඟවයි

colombotoday

හම්බන්තොට දළු දමන අලුත් පවුල් ගස

Admin