Colombo Today Local News

“හමුදා කදවුරකට ඇතුල් වෙන්න කාගෙවත් අවසර ඕන නෑ.. ඒ ගැන කතා එපා” – විපක්ෂ නායක සම්බන්ධන්

කිලිනොච්චි පරවිපච්චාන් හි පිහිටි ගජබා රෙජිමේන්තුවට අයත් බලඇණි මූලස්ථානයට ඇතුළු වීමට පූර්ව අවසරයක් ලබාගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් තමන්ට නොතිබූ බව දෙමළ ජාතික සන්ධාන නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කථා කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

ආර්. සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ සන්ධානයේ නියෝජිතයන් පිරිසක් බලහත්කාරයෙන් පරවිපච්චාන් හි පිහිටි ගජබා රෙජිමේන්තුවට අයත් බලඇණි මූලස්ථානයට ඇතුළුවීම සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ආර්. සම්බන්ධන් මහතා ප‍්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් අදාළ බලඇණි මූලස්ථානයට බලහත්කාරයෙන් ඇතුළු වී තිබුණේ ඉකුත් 16 වනදා හෝ ඊට ආසන්න දිනකදීයි.

දෙමළ ජනතාවගේ මුල් ඉඩම්වල අදාළ මූලස්ථානය පවත්වා ගෙන යන බවත් එම නිසා තමන්ට එය නිරීක්ෂණය කළ යුතු බවත් පවසමින් ඔවුන් ඊට ඇතුළු වී තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් කමල් කරුණාසේකර මහතා උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ෆ‍්‍රෑන්ක්ලීන් ප‍්‍රනාන්දු මහතාටද පැමිණිලි කර ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගෙන්ද ඊයේ (24) විමසීමක් කළා.

ඔහු කියා සිටියේ අවසරයකින් තොරව යුධ හමුදා කඳවුරුවලට බලහත්කාරයෙන් ඇතුළු නොවන ලෙස ආර්. සම්බන්ධන් මහතාට මීට පෙරද දැනුම්දීමක් සිදු කර තිබූ බවයි.

යාපනයේ ඇතිවූ සිද්ධියක් මුල්කර ගනිමින් එම දැනුවත් කිරීම සිදුකර තිබූ බවද කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.

වර්තමාන සිද්ධියෙන් පසුවද යුධ හමුදාපතිවරයා පවා පුද්ගලිකවම ආර්. සම්බන්ධන් මහතා දැනුවත් කළ බවයි ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ.

නිසි අවසරයකින් හෝ දැනුම්දීමකින් තොරව යුධ හමුදා කඳවුරකට ඇතුළු වීමේදී දෙපාර්ශවයම අපහසුතාවයට පත්වන බවද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

නෙත්FM

 

 

Related posts

ජෝසප් ස්ටාලින්ට නොච්චියාගම විරෝධතාකරුවන් සාරි අන්දයි

Admin

කල් ඉකුත් වූ කදුලු වායු විනාශ කිරීමට නියෝග

Admin

තීරණය ස්ථීරයි.. ශ්‍රීලනිප-ඒකාබද්ධ ආණ්ඩුවේ අගමැති නිමල් සිරිපාල

colombotoday

“ෆේස්බුක් වැඩවලට නඩු බෑ“

colombotoday

රවී ඉවත් කරන්න මම කීයටවත් ඉඩ දෙන්නෑ – අගමැති

colombotoday

සංවර්ධන ලොතරැයියේ ලක්ෂ 80 ටෙන්ඩරය රවීගෙන් ‘ඒකාබද්ධයේ‘ නුවන් නිරෝධට !

colombotoday