Colombo Today Local News

කුළියාපිටියේ සිසු දරුවාට සිදුවූ අසාධාරණයට එරෙහිව මව ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතයි

160301153252_lanka_hiv_512x288_bbc_nocredit

ඒඩ්ස් රෝගය වැළඳී ඇති බවට පැතිර ගිය වැරදි ප්‍රචාරයක් නිසා සිය දරුවාට පාසල අහිමි වූ දරුවාගේ මව එමගින් සිය මූලික අයිතීන් කඩ වීමක් සිදු වී ඇතැයි පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යවරයා, කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා, කුලියාපිටිය බෝගහැන්දිය ප්‍රාථමික විදුහල සහ දියතලමුල්ල රාජකීය විදුහලේ විදුහල්පතිවරුන් බවත් වාර්තා වෙයි.

කුලියාපිටිය ප්‍රදේශයේ කාන්තාවක් වන පෙත්සම්කාරිය පවසන්නේ වග උත්තරකාර පාසල්වල පළමු වසර සඳහා ඇතුළත් කිරීමට අවශ්‍ය කරන සියලු සුදුසුකම් තම දරුවා සතු බවයි.

එහෙත් තම දරුවා HIV ආසාදිතයෙකු බව පවසමින් පාසලට ඇතුළත් කර ගැනීම වග උත්තරකාර විදුහල්පතිවරුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද බවටයි ඇය චෝදනා කරන්නේ.

වැරදි චෝදනා

විදුහල්පතිවරුන්ගේ තීරණ පිළිබදව වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත පැමිණිලි කළත් තමාට සිදු වූ අසාධාරණය නිවැරදි කිරීමට ඔවුන් කටයුතු නොකළ බව පෙත්සම්කාරිය සිය පෙත්සම මගින් කියා සිටින්නීය.

මෑතදී සිදු කළ වෛද්‍ය පරීක්ෂණයක් මගින් සිය දරුවා HIV ආසාදිතයෙකු නොවන බව තහවුරු වී ඇතත් තවමත් ඔහුට පාසලක් නොලැබුණු බවත් ඇය පෙන්වා දෙයි.

එමගින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ප්‍රකාශ කරන අතරම දරුවා පාසලට ඇතුළත් කිරීමේ නියෝගයක් වග උත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසයි පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.

ඉහත කී දරුවා ඇතුළත් කර ගැනීමට කැමැත්ත පළ කරමින් මේ වන විට වෙනත් පාසල් කීපයක්ම ඉදිරිපත් වී සිටින බවක් වාර්තා වන අතර කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් තවමත් ගෙන නොමැති බවත් වාර්තා වෙයි.

බීබීසී සංදේශය

Related posts

අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව 20 සංශෝධනයට විරුද්ද වේ.. තදබල නිවේදනයක්

colombotoday

කොකේන් කිලෝවක් සමග සැකකරුවෙක් අල්ලයි

Admin

කෝටි 5ක කේරළ ගංජා අනුරාධපුරයේ නිවාඩු නිකේතනයකින් සොයාගැනේ

colombotoday

මුස්ලිම් ජනයාට විශේෂ අධිකරණයක් ඉල්ලයි !

colombotoday

ශ්‍රී පාද වන්දනා නවත්තන්නැයි ඉල්ලීමක් !

colombotoday

කාලීන විදේශ විනිමය මූල්‍ය පහසුකම් අයදුම් කිරීමට දී තිබූ කාලය දීර්ඝ කෙරේ

colombotoday