Colombo Today Local NewsCovid 19

ශ්‍රී පාද වන්දනා නවත්තන්නැයි ඉල්ලීමක් !

අතිවිශාල ජනතාවක් ඒකරාශි වන ශ්‍රී පාද වන්දනා ගමන නතර කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හෝරණ පුෂ්පකුමාර මහතා බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

කොරෝනා වයිරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් මෙම  තීරණය ගන්නැයි ඉල්ලීමක් කර තිබේ. 

ශ්‍රි පාද වන්දනා ගමන සඳහා අතිවිශාල ජනතාවක් සතිඅන්ත දින වලදී පැමිණෙන බවත් ඊයේ (14)  වන දින මෙම වන්දනා ගමන සඳහා ශ්‍රි ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් වන්දනාකරුවන් බස්රථ 102 ක් ද, වෑන් රථ 40 ක් ද, පෞද්ගලික මෝටර් රථ විශාල ප්‍රමාණයකින් ද මෙම වන්දනා ගමනට එක්ව සිටි බව කියා සිටියේය.

ඒත් සමඟම දේශීය සංචාරකයින්ට අමතරව විදේශිය සංචාරකයින් පිරිසක් ද මේ අතර සිටි බව නුවරඑළියේ දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා අනාවරණය කර සිටියේ ය.
 
ශ්‍රි පාද පුද බිම අධික සීතල දේශගුණික ස්ථානයක් වීම, වන්දනාකරුවන්ගේ තෙරපීම්, තෙහෙට්ටුව නිසා ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍යයෙන් පිරිහීමකට ලක්වන බවත්, විශාල වශයෙන් ආරක්ෂක වැටවල් පරිහරණය කිරීම් මෙන්ම බහුතරයක් වැඩිහිටියන් වීම හේතු කරගෙන මෙම කොරෝනා වෛරය පැතිර යාමේ අවධානමක් ඇති බවද සඳහන් කළ දිස්ත්‍රික් ලේකම් වරයා ශ්‍රි පාද වන්දනා ගමන නතර කිරීම මේ අවස්ථාවේ දී කාලෝචිත ක්‍රියාවක් බව බුද්ධ ශාසන අමාත්‍යාවරයා වෙත ලිඛිත දන්වා සිටි බව කියා සිටියේ ය.
 
බුද්ධ ශාසන අමාත්‍යාංශයට අතිරේඛ සෞඛ්‍ය අමාත්‍යාංශයත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත් ඒ සම්බන්ධව දන්වා සිටි අතර, ශ්‍රි පාද ස්ථානාධිපති නාහිමියන් වෙත ද මේ සම්බන්ධව දැනුවත් කළ බව දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා අනාවරණය කළේය.
 
මේ සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ඒ මහතා තවදුරටත් පැවසීය.

Related posts

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

ජනතාවට සේවය කරන්න ආව මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් මොකටද?

colombotoday

විජයකලාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන්න – ප්‍රතිභා මහානාමහේවා

colombotoday

ගෙවුණු දින 7ට ඩෙංගු රෝගීන් 2479ක්

Admin

බසයක් සහ බවුසරයක් ගැටෙයි

Admin

ආහාර විෂ වී නානුඔය සිසුන් 31ක් රෝහලේ

Admin