Colombo Today Local News

ගුරු – විදුහල්පති වර්ජනය ගැන අද ගත් තීරණය

ගුරු වැටුප් වැඩිවීම එකවර ලබාදෙන ලෙස ඉල්ලමින් වර්ජනය ඉදිරියට ගෙනයාමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (13)දින තීරණය කළේ ය.

ඔන්ලයින් වර්ජනයේ නිරත ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්විණ.

සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි ගුරු, විදුහල්පති සංගම් කියා සිටියේ වැටුප් ගැටලුවට රජය ලබාදෙන විසඳුම පිළිගන්නේ ද යන්න පිළිබඳව අද තීරණය කරන බවයි.

ඒ අනුව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද තීරණය කර ඇත්තේ, වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කිරීමටයි.

ගුරු, විදුහල්පති සංගම් පැය තුනහමාරකට අධික කාලයක් අග්‍රාමාත්‍යවරයා සමග ඊයේ සාකච්ඡා කර තිබූ අතර ගුරු – විදුහල්පති වැටුප් විෂමතා විසඳීම සඳහා පත්කළ කැබිනට් අනුකාරක සභාවේ සමාජිකයෝ ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Related posts

මහින්ද පිළ මාරාන්තික උපවාසයකට සැරසෙයි !

colombotoday

විශ්වාසභංගයෙන් පසු ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් !

colombotoday

විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට නියෝග !

colombotoday

දෙදරු පියා ගිනි තියාගෙන ත්‍රිරෝද රථයටත් ගිනි තියලා

Admin

ලිංගික අල්ලස් ගත් කල්මුණේ SI රිමාන්ඩ්

Admin

මැනිං වෙළෙඳපොළේ උණුසුම් තත්වයක්

colombotoday