Colombo Today Local News

මහින්ද පිළ මාරාන්තික උපවාසයකට සැරසෙයි !


පළාත් පාලන මැතිවරණය ඉතා ඉක්මනින් පවත්වන්නැයි බලකරමින් මැතිවරණ කොමිසම ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ඇරඹීමට සමස්ථ ලංකා පළාත්පාලන මන්ත්‍රී සංසදය සූදානමින් සිටින බව බස්නාහිර පළාත් සභාවේ සභානායක සුනිල් ජයමිණී මහතා පවසයි.

එම මැතිවරණය ඉතා කෙටි කලකින් පැවැත්විය යුතු බවත්, එසේ නොවුවහොත් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පළාත් සභා මන්ත්‍රීවරුන් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවත් හෙතෙම සඳහන් කළේය. එම සටන ජයග්‍රහණයකින් කෙළවර කරගන්නා බවද ඔහු පෙන්වා දුන්නේය.

ආණ්ඩුවට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම සමූපකාර මැතිවරණ තුනක් පරාද වී සිටින බැවින් ඉදිරි මැතිවරණ කඩාකප්පල් කිරීමේ සූදානමක් ඇතැයිද මන්ත්‍රීවරයා පැවසී ය.

ඔහු මේ බව පැවසූයේ අද (03) බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

Related posts

ගෝල්ෆේස් අරගල භුමිය නීති විරෝධී මත්ද්‍රව්‍ය තිප්පොළක් වෙයි.

colombotoday

හෙළ උරුමය රතන හිමිට එරෙහිව යුද ප්‍රකාශ කරයි.. වහා විනය පරීක්ෂණයක් කැදවයි !!

colombotoday

මැයි දින කතාව නිසා ෆොන්සේකාට ශ්‍රීලනිප-එජාප දෙපාර්ශවයෙන්ම ලෙඩක් වැටෙයි…

colombotoday

මෝටර් රථයක් පාපැදියක ගැටී අයෙක් මියයයි

Admin

කැසිනෝ ව්‍යාපාරිකයන්ගෙන් ආණ්ඩුවට මිලියන 2,670ක පොල්ලක්

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අත්අඩංගුවට

colombotoday