Colombo Today Local News

ලිංගික අල්ලස් ගත් කල්මුණේ SI රිමාන්ඩ්

ලිංගික අල්ලසක් හෝටලයක් තුළ ලබාගනිමින් සිටිය දී සැකපිට අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර තිබේ.

අල්ලස් කොමිසම විසින් සිදුකරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගත් කල්මුණේ මුලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

කල්මුණේ, වරිපතනම් චේන ප්‍රදේශයේ කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගැණුනි.

පැමිණිලිකාරියට එරෙහිව කල්මුණේ අධිකරණයේ පවරා තිබෙන නඩු කටයුත්තක දී පැමිණිලිකාරියට වාස වන අන්දචමින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කිරීමටත්, සතියකට වරක් පොලිස් ස්ථානයේ අත්සන් කිරීමට ඇති අධිකරණ නියෝගය මසකට වරක් දක්වා දීර්ඝ කිරීමට අවශ්‍ය කටයුතු සලසාදීම සඳහා අල්ලස් වශයෙන් ලිංගික අල්ලසක් ලබාගැනීමට තැත් කිරීමේ දී කල්මුණේ හෝටලයක් තුළ දී අදාළ සැකකරුව අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා ඇත.

Related posts

ඉස්ලාම් අන්තවාදයේ අනතුර පෙන්වූ පිරිසත් පාස්කු කොමිසමෙන් චූදිතයින් කරලා | සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වය

colombotoday

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි 24 ක අගරු චෙක්පත්

colombotoday

මහින්ද රාජපක්ෂ ජැක්සන් බලන්න රෝහලට යයි

colombotoday

මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි.

colombotoday

75 වන නිදහසට ඉන්දියාවෙන් බස් 500ක් (video)

Admin

පාසල් සිසුනගේ දිවා ආහාරයට අමතර රුපියල් බිලියන 4ක්

colombotoday