Colombo Today Local News

තිරිඟු පිටි මුවාවෙන් ආනයනය කල කහකුඩු තොගයක් රේගු භාරයට

තිරිඟු පිටි ආනයනය කරන මුවාවෙන් මෙරටට නීතිවිරෝධි ලෙස ආනයනය කර තිබූ කහකුඩු කිලෝ 7,500 තොගයක් රේගු භාරයට ගෙන තිබේ.

පසුගිය මස 20 වනදා ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද බහලුමක තිබී එම කහකුඩු තොගය සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේය.

රේගු දෙපාර්තමේන්තුවේ “අවදානම් කළමනාකරණ අංශය” විසින් සිදුකළ විමර්ශනයක දී අනාවරණය වූ තොරතුරු මත එම බහාලුම පරික්ෂාවට ලක්කර ඇති අතර එහිදී රුපියල් කෝටි එක හමාරක පමණ වටිනාකමින් යුතු කහ තොගය සොයාගෙන තිබේ.

කහ තොගය ගෙන්වා ඇති පුද්ගලයා මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මීට පෙර ද මෙවැනි නීතිවිරෝධි කටයුතුවල නිරතවූවෙකු බවට හඳුනාගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින එම පුද්ගලයා සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් ලබාදී ඇති බව ද සුනිල් ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

නවක වදය දුන් සිසුන් 15 යළි රිමාන්ඩ්

colombotoday

2016 විමධ්‍යගත මුදල් සත පහක් තවම දීල නෑ.. අද අපට වැඩ කරන්න සල්ලි නෑ – රෝෂාන් රණසිංහ

colombotoday

සැකකරුවෙකු පොලීසියෙන් වෙඩි කයි

Admin

එළුග තමිල් දෙවන රැළිය මඩකලපුවේදී !

colombotoday

කොටින්ගේ රත්තරන් හොයා පොළොව හෑරූ 5ක් අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකාව තුල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව අද සිට

colombotoday