Colombo Today Local News

කුරුණෑගල රජපිහිල්ල උද්‍යානයේ සිදු කළ වනසංහාරය ගැන වාර්තාවක් පරිසර ඇමැති ඉල්ලයි

කුරුණෑගල රජපිහිල්ල උද්‍යානයේ තිබූ විශාල ප්‍රමාණයේ ශාඛ 28ක් විනාශ කර දැමීම සම්බන්ධයෙන් තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පෙරවරුවේ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් දී තිබේ.

එමෙන්ම මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් හෝ එහි දිස්ත්‍රික් නිලධාරින් විසින් හෝ අනුමැතිය ලබා දී ඇත්ද යන්නත් සොයා බලන ලෙස අමාත්‍යවරයා විමසා තිබේ.

කිසියම් සංවර්ධන කටයුත්තක් සිදු කිරීම සඳහා මෙම ගස් කපා දමන ලදැයි අදාල පාර්ශ්ව විසින් ප්‍රකාශ කර ඇතැයි කී අමාත්‍යවරයා මෙම කාරණය සම්බන්ධයෙන් මේ වනවිටත් පරිසර සංවිධාන විසින් තමන්ගෙන් කරුණු විමසන අතර, සමාජ මාධ්‍ය තුළ රජය දැඩි ලෙස විවේචනය කරමින් යම් යම් පළ කිරීම් සිදු කර ඇති බවත් සඳහන් කළා.

Related posts

ගුවන් හමුදාව දඹුල්ලේදී බෝම්බ තුනක් නිශ්ක්‍රීය කරයි…

colombotoday

තවත් ප්‍රධාන ඇඟළුම් කම්හලක සේවකයෙකුට කොරෝනා

colombotoday

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Admin

ශිෂ්‍යත්වය හා උසස් පෙළ ගැන තීරණය ?

colombotoday

අන්තර්කාලීන අය-වැය මැතිසබයට ඉදිරිපත් කරන්න කැබිනට් අනුමැතිය

colombotoday

සිංහලෙන් එව්ව සිතාසිය ශ්‍රීධරන් බාර ගන්න බෑ කියයි

Admin