Colombo Today Local News

නාගරික නිවාසවල අයිතිය පදිංචිකරුවන්ට ලබාදීමේ පළමු අදියර පෙබරවාරි මාසයේ දී

නාගරික නිවාසවල අයිතිය එහි පදිංචිකරුවන්ට ලබාදීමේ පළමු අදියර ලබන පෙබරවාරි මාසයේ සිදු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද මහතා සඳහන් කරන්නේ, මේ යටතේ කොළඹ ඇතුළු සෑම දිස්ත්‍රික්කයකම පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය හා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් ඉදිකළ නිවාසවල අයිතිය එහි පදිංචිකරුවන්ට පවරන බවයි.

එවැනි නිවාස 52000 ක් පමණ මේ වනවිට හඳුනා ගෙන තිබේ.

ඉන් 50% ක ඔප්පු ප්‍රදානය පළමු අදියරේදී සිදු කෙරෙනු ඇති.

අයවැය යෝජනාවක් ලෙස ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ කඩිනමින් අවසන් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව ලේකම්වරයා ප්‍රකාශ කර සිටි.

Related posts

රටේ මීළග නායකයා රාජිතයි.! “රට බාරගන්න සූදානම්වෙන්නැයි මට දැන්වුවා” – රාජිත

colombotoday

රමේෂ් පතිරණගේ නිවස වටලයි

colombotoday

බරවා තුරන් කළ රටක් ලෙස ලංකාව නම් කෙරේ

colombotoday

ජනපතිගේ නිල නිවේදන කථානායකවරයා හරහා පමණයි

colombotoday

එජාප ජනපති අපේක්ෂකයා සජිත් – කෘත්‍යාධීකාරී මණ්ඩලය තීරණය කරයි

colombotoday

අලුත් ව්‍යවස්ථාවක් ඕනමයි… බාධා කරන්නේ ජාතිවාදීන් – අනුර දිසානායක

colombotoday