Colombo Today Local News

විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට නියෝග !

රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා සමඟ සිදුකල මතභේදාත්මක දුරකථන සංවාද සම්බන්ධයෙන් ඉදිරිපත් වු සියලු සාක්ෂි හා කරුණු සළකා බැලීමෙන් අනතුරුව හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ  කොට්ඨාශයට නියෝග කර තිබේ.

ගිහාන් පිලපිටිය විනිසුරුවරයා අධිකරණමය නීතිමය කාර්යක් සඳහා සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීමට සැකකාර රන්ජන් රාමනයාක මන්ත්‍රිවරයා සමඟ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී ඇති බව නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම් දී තිබේ.

ඒ අනුව එම විනිසුරුවරයා සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කිරීමෙන් පසු වරෙන්තුවක් ලබා ගැනීමට පියවර ගෙන නියමිත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ලෙස නීතිපතිවරයා දැනුම් දී ඇත.

Related posts

විමල්ට අදත් ඇප නොලැබෙයි.. නැවතත් රිමාන්ඩ් !!

colombotoday

සත්තු වත්ත, සීගිරිය නොමිළේ.. බදු ගෙවන අයට ලැබෙන වරප්‍රසාද මෙන්න (Video)

colombotoday

ආණ්ඩුව ජනතාවට කරන්ට් වද්දවලා

Admin

කාලගුණයෙන් රතු නිවේදනයක්

colombotoday

අලුගෝසු තනතුරට යළි අයදුම්පත් කැදවයි… අවම සුදුසුකම් මෙන්න…

colombotoday

සුවය වූ කොරෝනා රෝගියාට නැවත කොරෝනා වැලදේ

colombotoday