Colombo Today Local News

සුවය වූ කොරෝනා රෝගියාට නැවත කොරෝනා වැලදේ

ජා-ඇල ප්‍රදේශයේ දී කොරෝනා ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී පැමිණි පුද්ගලයකුට නැවතත් කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර අබේරත්න මහතා පවසා සිටියහ.

ඉකුත් මාර්තු මස 17 වන දින කොරෝනා රෝගය වැළදීම නිසා මෙම පුද්ගලයා අංගොඩ IDHරෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබාදී කොරෝනා රෝගය සුවපත් වීම නිසා අප්‍රේල් මස 17 වන දින නැවත නිවසට යවා ඇත.

ඉන් අනතුරුව නිවසේ දී නිරෝධනය වෙමින් සිට ඇති හදවත් රෝගියකු වු මොහුට පපුවේ වේදනාවක් ඇති වීම නිසා කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් තිබේ.

එහිදී එම රෝගියාට නැවත PCR පරීක්ෂණය සිදු කර ඇත.

එහිදී (02)දා අනාවරණය වී ඇත්තේ මොහුට නැවත කොරෝනා රෝගය ආසාදනය වී තිබෙන බවයි. අනතුරුව මොහුව වැඩිදුර ප්‍රතිකාර සදහා නැවත අංගොඩ IDH රෝහලට ඇතුළත් කර ඇත.

Aruna

Related posts

සයිටම් විරෝධී සිසුන්ට කදුළු ගෑස් සහ අධි පීඩන ජළ ප්‍රහාර

colombotoday

සංචාරයකට ගිය ඇමැති බන්දුල ලෙඩ වෙයි

Admin

එක්සත් ජාතික පක්ෂ නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට

colombotoday

සජිත්ගේ අලි මන්තරේඅත්හදා බැලූ තරුණයින්ට වෙච්ච දේ

colombotoday

අදට වසර 12ක් සපිරෙන මානුෂිය මෙහෙයුමේ ජයග්‍රහණය සැමරුම් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිදුකල ප්‍රකාශය.

colombotoday

ඖෂධ හදිසි මිලදී ගැනීම් නවතයි

Admin