Colombo Today Local News

වැලි, ගල්, බොරළු සහ මැටි ප්‍රවාහනයේදී අක්‍රමිකතා නවතන්න නව බලපත්‍ර ක්‍රමවේදයක්…

ලබන මස 2වැනිදා සිට වැලි, ගල්, බොරළු සහ මැටි ප්‍රවාහනය සඳහා නව බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

ඒ පිළිබඳව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් ප්‍රේම් මහතා පවසා සිටියේ,

“පසුගිය කාල පරිච්ඡේදය තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය විශේෂයෙන්ම වැලි බොරළු හා පස් ප්‍රවාහනයේදී ප්‍රවාහන බලපත්‍ර තුළ වාහන අංකය සහ ප්‍රවාහනය කරන ගමන් මාර්ගය සඳහන් නොවූ බැවින් අක්‍රමිකතා රාශියක් සිදුවුනා. මේ නිසා පරිසර අමාත්‍යතුමාගේ විශේෂ අවධානය මේ පිළිබඳව යොමුවීම තුළ ලබන වසරේ ජනවාරි මස 2වැනිදා සිට සියලුම ප්‍රවාහන බලපත්‍ර තුළ වාහන අංකයත් ගමන් මාර්ගයත් ගමනාන්තයත් යන කරුණු අඩංගු කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය කටයුතු කරනු ලබනවා”

Related posts

බුද්ධික පතිරණ ඇතුළු 9ක්‌ එජාප කෘත්‍යාධිකාරි මණ්‌ඩලයට

colombotoday

බුද්ධි අංශ ප්‍රතිව්‍යුහ ගත කිරීමට උපදෙස් දුන්නා – අගමැති රනිල් වික්‍රමසිංහ කියයි

colombotoday

සීමා නීර්ණයට බාලගිරි දෝෂය.. වාර්තාව අදත් නෑ.. තව කල් යයි

colombotoday

ජනපති මෛත්‍රී දුරකථනයෙන් අමතා වරද නිවැරදි කිරීම ගැන ඉන්දීය අගමැති මෝදි සතුට පලකරයි..

colombotoday

හිටපු ජනපති මහින්දගේ උපන් දිනය දා නව පක්ෂය බිහිවෙයි ! නව සාමාජිකයන් දස ලක්ෂයක් සමග අලුත් ගමනක්

colombotoday

ජෙරම්ගේ පෙත්සම කැඳවීමට දින දෙයි

Admin