Colombo Today Local News

ජෙරම්ගේ පෙත්සම කැඳවීමට දින දෙයි

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 4 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර ඇත.

තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් මෙම රිට් පෙත්සම ගොනුකර තිබුණි.

මෙම පෙත්සම අද (22)දින අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කර ඇත්තේ, අදාළ පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ඔක්තෝබර් මස 4 වනදා කැඳවන ලෙසයි.

බුදුදහම ඇතුළු අන්‍යාගම්වලට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඒ පිළිබඳව කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවේ කරුණු වාර්තා කර තිබෙන බවත් පෙත්සම්කාර දේවගැතිවරයා කියයි.

එම විමර්ශනය සිදුකරන ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවද ඔහු පවසයි.

Related posts

කැනඩාවේ කොටි ස්මාරකය අනුරගේ ඩීල් එකේ කොටසක්ද?

Admin

කථානායකටත් කොරෝනා

colombotoday

කොරෝනාවට එන්නතක් සෙවීම සදහා බ්‍රිතාන්‍ය සහ ලංකාව එක්වේ

colombotoday

හඩ පටයෙන් සියල්ල හෙළි වේ… ගිං-නිල්වලා ව්‍යාපෘතියේ ඇමති දෙපළකගේ සුපිරි ගැහිල්ලක් එළියට…

colombotoday

පාර්ලිමේන්තුව 14 කැඳවූ පසු සිද්ධවෙන දේ කතා නායක කියයි

colombotoday

“අපි රාජපක්ෂලාගේ දං කුඩ කෑවේ නෑ” විමල් කියයි

Admin