Colombo Today Local News

අලි සබ්‍රි රහීම්ගේ කාරක සභා නියෝජනය අත්හිටුවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයාගේ කාරක සභා නියෝජනය අත්හිටුවීමේ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

විපක්ෂ නායක මහතා ගෙනා යෝජනාවකට මෙලෙස පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා විසින් සිදු කර ඇති නීති විරෝධී විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් මේ වනවිට පාර්ලිමේන්තුවේ ආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත විමර්ශනයක් සිදුකිරීම සඳහා යොමු කර ඇත.

රුපියල් මිලියන 74ක් වටිනා රන් කිලෝ 3.3ක ප්‍රමාණයක් සහ රුපියල් මිලියන 4.2ක් වටින ස්මාට් ජංගම දුරකථන 41 ක් නීතිවිරෝධීව රැගෙන ආ මන්ත්‍රීවරයා සඳහා දඩය රු. මිලියන 7.5 ක් පමණක් අයකරගෙන තිබීමත් රු. මිලියන 80 ක් වටිනා රන් තොගයක් නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ප්‍රංශ ජාතිකයෙකුගෙන් රු. මිලියන 70ක දඩයක් අය කිරීමත් නිසා මන්ත්‍රීවරයා‍ට ලිහිල් දඩයක් නියමකරේ කුමන හේතුවක් මතද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ යුතු බවත් විපක්ෂනායකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Related posts

ෆාතිමා බණ්ඩාරගම පොලීසියට කළ පැමිණිල්ල ගැන විමර්ශන අරඹයි

colombotoday

ජනාධිපති මෛත්‍රීට එරෙහිව අල්ලස් සහ දූෂණ චෝදනා

colombotoday

සම්පායෝ යළි රිමාන්ඩ්

colombotoday

වෙබ් එක “හැක්“ කල සිසුවාට ජනපති තෑග්ගක් දෙයි !

colombotoday

සිංහලත්වය විනාශ කිරීමේ සැලසුම් පරාජය කරමු – සම්මන්ත්‍රණය හෙට (17) නාවින්න සනාතන මන්දිරයේදී

colombotoday

පළමු නිල ජන්ද ප්‍රථිපලය දහවල් 1.30 ට

colombotoday