Colombo Today Local News

හිටපු ජනපති මහින්දගේ උපන් දිනය දා නව පක්ෂය බිහිවෙයි ! නව සාමාජිකයන් දස ලක්ෂයක් සමග අලුත් ගමනක්

mahinda rajapaksha

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය යෙදී ඇති නොවැම්බර් 18 වන දින ඒකාබද්ධ විපක්ෂයේ නව දේශපාලන පක්ෂය ආරම්භ කිරීමට සියළු කටයුතු සුදානම් කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු Colombo Today වෙත ප්‍රකාශ කර සිටියා.

පක්ෂ සමාරම්භය වෙනුවෙන් සාමාජිකයින් ලක්ෂ 10ක් එදින බදවා ගැනීමට සැලසුම් කර ඇති බවයි අප වෙත අදහස් දැක්වූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ.

ඒකාබද්ධ විපක්ෂයේ නව පක්ෂය පිළිබදව කතාබහ සිදුවෙත්දී දුමින්ද දිසානායක නිදහස් පක්ෂ ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමග විශේෂ සාකකච්ඡා කිහිපයක් සිදුකර ඇති අතර නව පක්ෂයට දායකත්වය සපයන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කර මන්ත්‍රීධූර අහෝසි කිරීමේ හැකියාව ඇත්දැයි සොයාබලන ලෙස නීති අංශ දැනුවත් කර ඇති බවද වාර්තා වේ.

මේ අතර ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා එක මතයකට ගෙන ඒම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ඇමති මහින්ද අමරවීර විසින් විසින් පෙරළිකාර යෝජනා කිහිපයක් ඉදිරිපත්කර ඇති බවද ඒකාබද්ධ විපක්ෂයට හිතවත් මාධ්‍යවාර්තා සදහන් කරයි. ඒකාබද්ධ විපක්ෂය, ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමග වහාම එකතුවීමේ අවශ්‍යතාවය එමගින් අවධාරණය කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේද යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවත් එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

කුරානයට අපහාස කළේයැයි ඥානසාර හිමිට විරුද්ධ නඩුව කල් යයි.

colombotoday

දිවයින පුරා ඇති වූ ගැටුම්වලින් 219කට තුවාල

colombotoday

අරගලයට සහාය දැක් වූ වෛද්‍ය හේතූන් මත ශ්‍රී ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතික තරුණියගේ විසා අවලංගු කරයි.

colombotoday

“ආණ්ඩුව දොඩවන පුරසාරම් ඔක්කොම බොරු.. ආණ්ඩුවට ඉලක්කයක් නෑ” රතන හිමි

colombotoday

සේවා ස්ථාන මාරුව ගැන පාසල් ගුරුවරුන්ට විශේෂ දැනුම් දීමක්

Admin

ඉන්දියාව ණය සහන දීමට එකඟ වීම ගැන සතුටුයි – ජුලී චන්ග්

Admin