Colombo Today Local News

යාපනේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ප්‍රහාරයක්

රාජ්‍ය බුද්ධි සේවාවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට යාපනයේදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ යාපනය චුන්නාක්කම් ප්‍රදේශයේදීයි.

කිසියම් පිරිසක් තියුණු ආයුධවලින් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. අද (23) දහවල් 2.45ට පමණ මෙම ප්‍රහාරය සිදු වී ඇති අතර තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා මුලින් ඇතුළත් කෙරුනේ යාපනය තෙලිප්පලේ රෝහලටයි.

පසුව පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ යාපනය රෝහලටයි. යාපනය සහ චුන්නාක්කම් ප්‍රදේශයේ මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ආරක්ෂාව තර කර තිබෙනවා.

ඡායාරූප  – නෙත් නිව්ස්

Related posts

පසුගිය වසරේ අනුමත මුදලටත් වඩා දෙගුණයක් රජය ණය අරන් !

colombotoday

උතුරු-නැගෙනහිර සදහා “සංහිදියාවේ නාලිකාවට” කැබිනට් අනුමැතිය !

colombotoday

පිපිරීමකින් පුද්ගලයෙකුට තුවාල

colombotoday

2015 – 4.8% යි, 2016 – 4.4% යි.. ආර්ථික වර්ධනය වේගය පහත වැටේ..

colombotoday

ෆෙඩරල් ව්‍යවස්ථාව අනිවාර්යෙන් ගෙන එන බව අගමැති දෙමළ සන්ධානයට ලිඛිතව පොරොන්දු වෙයි !

colombotoday

20ත් අරන් ජවිපෙ අගමැති හමුවෙයි…

colombotoday