Colombo Today Local News

ඉඩම් අත්කර ගැනීමේ පනත සංශෝධනයට අනුමැතිය.

1950 අංක 09 දරන ඉඩම් අත්කර ගැනීමේ පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

දැනට බල පැවැත්වෙන 1950 අංක 09 දරන ඉඩම් අත්කර ගැනීමේ පනතේ විධිවිධාන අනුගමනය කිරීමේදී විශාල කාලයක් ගතවීම හේතුවෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ කඩිනම් සංවර්ධන කටයුතු සඳහා බාධා සිදුවී ඇති බව සඳහන් වේ.

එබැවින්, ඉඩම් අත්කර ගැනීමේ ක්‍රියාවලිය සඳහා ගතවන කාලය අවම කරමින්, සරළ ක්‍රමවේදයක් යටතේ ඉඩම් අත්පත් කර ගැනීමටත්, ඒකීය ක්‍රමවේදයක් යටතේ වන්දි ගෙවීමටත් හැකි වන පරිදි, එකී පනත වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ඉඩම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related posts

දඹුල්ලට අදත් ජන ගඟක්

Admin

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි !

colombotoday

‘කළු සතියට’ පක්ෂව අදත් ක්ෂේත්‍ර රැසක නිලධාරීන් විරෝධයේ

Admin

නිවසක බිත්තියක් කඩාවැටී දරුවකු මිය යයි

colombotoday

පාස්කු ඉරිදා ප්‍රහාරය ට්‍රම්ප් හෙළාදකී… ‘ඕනෑම උපකාරයකට ඇමරිකාව සූදානම්‘

colombotoday

ගංජා අල්ලන්න ගිය පොලීසියට සමන්තුරේදී ගුටි.. පොලිසියේ 5ක් රෝහලේ.. ජීප් රියත් කුඩුපට්ටම් කරලා

colombotoday