Colombo Today Local NewsColombo Today Sports NewsUncategorized

දඹුල්ලට අදත් ජන ගඟක්

අද (21) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තෙවැනි සහ අවසාන විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය පැවැත්වේ.

මේ වනවිට එම තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටින බව අප වාර්තාකරු පැවසීය.

ටිකට් විකිණීමේ කවුන්ටර් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ ස්ථාපනය කර ඇති අතර එහි දක්වා ඇත්තේ ටිකට් 2,000ක් පමණක් විකිණීමට ඇති බවය.

ක්‍රීඩාංගණයේ, ප්‍රේක්ෂකයින් සඳහා ඇති ඉඩ සැලකිල්ලට ගෙන එවැනි ටිකට් ප්‍රමාණයක් විකිණීමට තීරණය කර ඇති බව ඒ සම්බන්ධයෙන් විමසූ විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසුවේය.

මේ අතර සමහර ප්‍රේක්ෂකයින් චෝදනා කළේ ජාතික හැඳුනුම්පත සඳහා නිකුත්කරන්නේ ප්‍රවේශ පත්‍ර දෙකක් පමණක් බවය.

එවැනි තීරණයක් ගනු ලැබුවේ “කළු කඩ” තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට බව එම නිලධාරීන් පවසයි.

Related posts

බැදුම්කර අරක්කු කම්හල ගැන හොයන්න ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට ගුටි !

colombotoday

සිංහයෙක් වගේ යුද්ධය ඉවර කරපු සරත් පොන්සේකා දැන් නරියෙක් වගේ කෑගහනවා – අමාත්‍ය සී. බී. රත්නායක මහතා කියයි

colombotoday

අද අලුයම සිට හුදකලා බව ඉවත් කළ සහ අලුතින් පැනවූ ප්‍රදේශ මෙන්න

colombotoday

යුගදනවි ගිවිසුමට එරෙහිව සජබෙ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

colombotoday

අවශ්‍යව සිටි බන්ධනාගාර නිලධාරියා CIDයට භාරවෙයි

colombotoday

ජන සටන පාගමනේ මං එනවා.. ස්ථීරයි

colombotoday