Colombo Today Local News

උතුරු පළාත් ආණ්ඩුකාරවරයාටත් කොකේන් චෝදානා

ජනාධිපතිවරයා විසින් මෑතකදී උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කල සුරේන් රාගවන් නැමැත්තා කොකේන් හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කරනවාද? යන්න පිළිබදව සොයා බැලීම සදහා රුධිර පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කල බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසනවා.

උතුරේ ආණ්ඩුකාර තනතුරට පත් වූ වහාම ජාතිවාදියෙක් ලෙස හැසිරෙන ඔහුගේ ක්‍රියා කළාපය මගින් රට නැවතත් යුද්ධයකට යා හැකි බවද එම ලිපියෙන් පෙන්වා දෙන රංජිත් විතානගේ මහතා එවැනි බරපතල තත්වයකට රට ඇද වැටෙන ආකාරය බලා සිටීමට වගකිවයුතු සංවිධානයක් හැටියට තමන්ට නොහැකි බවද පෙන්වා දී තිබෙනවා.

අප විසින් මේ පිළිබදව රංජිත් විතානගේ මහතාගෙන් විමසීමක් කල අතර ඔහු පැවසූවේ කොළඔ රාත්‍රී සමාජ ශාලාවල වෙරිමතින් ජීවිතය ගත කල සුරේන් රාඝවන් නැමැති අය ජනාධිපතිවරයාට හදුන්වාදෙනු ලබන්නේ ජනාධිපතිවරයාගේ පුද්ගලික මිතුරෙකු විසින් බවත් ජනාධිපතිවරයා ඔහුට ප්‍රථමයෙන්ම ජනාධිපති මාධ්‍ය අංශය භාරදෙන බවත් පසුව උතුරේ ආණ්ඩුකාර තනතුරට පත් කරන බවත්ය.

තම සංවිධානයේ උපදේශකයෙක් ලෙස කලක් කටයුතු කල සුරේනන් රාඝවන්ගේ නොමනා ක්‍රියාකලාපය නිසා හා ජාති වාදියෙක් වන නිසා ඔහුව සංවිධානයෙන් ඉවත් කල බවත් එවැනි පුද්ගලයෙක් උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට තරම් ජනාධිපතිවරයා බංකොලොත් වී ඇති බවත් ඔහු තවදුරටත් Colombo Today වෙත කියා සිටියා.

“ඔහු පිළිබදව මෙම කරුණු අණාවරණය කිරීමට ඔබ සංවිධානය ප්‍රමාද වූයේ ඇයිද?” යන්න අප රංජිත් විතානගේ මහතාගෙන් ප්‍රශ්න කර සිටි අතර. ඔහු පැවසූවේ අංගුලිමාලට වුවත් තම වැරදි සාදා ගැනීමට අවස්ථාවක් දුන් නිසා ඔහුගේ වැරදි සාදා ගනීවි යැයි තමන් විශ්වාස කල බවත් එහෙත් ඔහු තම සුපුදුරු දිවියම ගත කරන බවත් මෙහි භයානකත්වය නම් උතුරේ බුදුපිළිම ඉවත් කිරීම වැනි සංවේදී කාරණා පිළිබදව ඔහු සිදුකරන ප්‍රකාශ පිළිබදව නිසා නැවතත් උතුර ගිණි ගැනීමට ඇති අවධානම වලක්වා ගත යුතු නිසා මේ පිළිබදව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට තම සංවිධානය කටයුතු කළ බවයි.

කෙසේ වෙතත් හැකිනම් තමන් තහනම් මත්ද්‍රව්‍ය භාවිතා නොකරන බවට රුධිර පරීක්ෂණයක් කර පෙන්වන ලෙස තමා සුරේන්ට අභියෝගයක් කරන බවත් විතානගේ මහතා අප වෙත කියා සිටියා. ඔහු අවසාන වශයෙන් පැවසූවේ රන්ජන් රාමනායක මන්තීවරයා පුද්ගලයින් නම් කරමින් තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කරන බන ප්‍රකාශ නොකරන බවත් තමන් පුද්ගලයින් නම් කරමින් මත්ද්‍රව්‍ය චෝදනා එල්ල කරන බවත් අප සෑදිය යුත්තේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන පුද්ගලයින් බවත් ළිද ලග වැට ලග ඔපාදූප කීම වැනි දේ තමන් ප්‍රතික්ෂේප කරන බවත්ය.

Related posts

නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා.. ජනපති නිර්දේශ කරයි…

colombotoday

ප්‍රවීණ ගායක පෝල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

colombotoday

සේනාටත් වඩා දරුණු කීඩෑවෙක් රජරටට රිංගයි… අක්කර 10.000ක් විනාශයි…

colombotoday

ලක්ෂ 30ක නීති විරෝධී ඊ සිගරට් තොගයක් වටලයි

Admin

විග්නේෂ්වරන් එලවන විශ්වාසභංගයට එරෙහිව අද උතුරේ හර්තාල් !

colombotoday

මාධ්‍ය ආයතනයක්, වැඩිම ලංසුව තැබූ මෙරට ව්‍යාපාරිකයාට නොදී, දෙමළ ඩයස්පොරා සමාගමකට දෙන්න සියල්ල සූදානම්

colombotoday