Colombo Today Local NewsUncategorized

ලක්ෂ 30ක නීති විරෝධී ඊ සිගරට් තොගයක් වටලයි

ජා-ඇළ සුරාබදු ඒකකය ඔන්ලයින් ක්‍රමය ඔස්සේ නීතිවිරෝධී ලෙස මෙරටට ඉලෙක්ට්‍රොනික් සිගරට් ගෙන්වා අලෙවි කළ ජාලයක් වැටලීමට සමත්වී තිබේ.

එහිදී පානදුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ජා-ඇළ සුරාබදු අධිකාරී ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ රුපියල් ලක්ෂ 30ක ඊ සිගරට් තොගයක් මෙලෙස වටලා ඇති බවත් ඉන් රුපියල් කෝටි 10ක බදු ආදායමක් රජයට අහිමිවී ඇති බවත් ය.

මෙම ඊ සිගරට් සඳහා තරුණ ප්‍රජාව සහ දරුවන් වැඩි වශයෙන් ඇබ්බැහි වෙමින් ඇති බවත් මෙය භයානක තත්ත්වයක් බවත් ඔහු පැවසීය.

“මෙය දුම්වැටිවලට වඩා දරුණු ඇබ්බැහිකාරකයක්. ඊ සිගරට් බොනවා කියලා හොයා ගන්නවත් බැහැ. විවිධ සුවඳවල් තමයි නිකුත් වෙන්නේ. මෙවැනි සුවඳක් ඔබේ දරුවා ළඟින් එනවා නම් කරුණා කරලා සොයා බලන්න. මෙම ඊ සිගරට් විවිධ ආකාරයට නිෂ්පාදනය කරලා තියෙනවා. ඇතැම් විට අතේ බඳින ස්මාර්ට් වොච් එකක් ආකාරයෙන්, කරේ දාන පටියක් ආකාරයෙන් ආදී වශයෙන් පැහැදිලිව හඳුනාගන්න බැරි ආකාරයට නිෂ්පාදනය කර තිබෙනවා.”

ජා-ඇළ සුරාබදු අධිකාරී ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් මෙසේ සදහන් කලේය.

Related posts

හලාවත – මීගමුව පෞද්ගලික බස් වර්ජනය අවසන්

Admin

විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල තුනක් වසා දැමීමට තීරණයක්

colombotoday

පිදුරංගල තරුණයින්ට නිදහස

colombotoday

අගමැති, ජනපතිට අවි අමෝරයි !

colombotoday

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් අඩුකරයි

Admin

බැසිල් රාජපක්ෂ ගේ නම මැතිවරණ කොමිසමට නම් කර යවයි.

colombotoday