Colombo Today Local News

භාණ්ඩ කිහිපයක බදු ඉහලට

මුං ඇට, උඳු, බඩඉරිඟු, කව්පි, කුරක්කන් සදහා ආනයනයේ දී අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ නංවමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

මෙම ගැසට් පත්‍රයට අනුව උඳු (අනෙකුත්) සඳහා මෙතෙක් කිලෝග්‍රෑමයකට රු. 200 ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 300 ක් දක්වා ඉහළ යයි..

කව්පි (අනෙකුත්), බීජ කුරක්කන් (ඉලියුසිනේ කොරකාන විශේෂ), බීජ – අනෙකුත් (මිලට), කුරක්කන් (ඉලියුසිනේ කොරකාන විශේෂ) හා මිලට (අනෙකුත්) ආනයනයේදී මෙතෙක් පැවති කිලෝග්‍රෑමයකට රු. 70ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 300 ක් දක්වා ත් ඉහළ නංවා ඇත.

මීට අමතරව බඩඉරිඟු සඳහා ද රු. 25ක වෙළෙඳ භාණ්ඩ බද්දක් නියම කර තිබේ.

මේ අතර බඩඉරිඟු, උඳු, මුං ඇට, කව්පි හා කුරක්කන් ආනයනය කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිර්දේශය මත සිදු කළ යුතු බවට මෙම ගැසට් නිවේදනයෙන් අවධාරණය කර තිබේ

Related posts

ජෝන් ඇමතිට හූ කියූ තිදෙනෙක් අත්අඩංගුවට !

colombotoday

ඉන්දීය විදේශ ඇමති ජයශංකර් ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම්

Admin

කුරහන් සාටකය අදින්නේ නැතිවුණත් දර්ශනය ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවා.

colombotoday

“බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුමයි“ – TNA සුමන්තිරන්

colombotoday

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට නියෝග…

colombotoday

අධික වැසි සමග ගංගා දෙකක ජල මට්ටම අවදානම් වෙයි

Admin