Colombo Today Local NewsUncategorized

කතුරකින් ඇන පුද්ගලයෙක් ඝාතනය කරයි

ඊයේ (පෙබ. 20) තරුණයෙකුගේ හිසට කතුරකින් ඇණ ඝාතනයක් සිදු කර ඇති බව පොලිසිය පවසයි.

ඒ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඉඟුරුකඩේ හන්දිය ප්‍රදේශයේදීය.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 19ක ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිරිමුතු උයන මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙකි.

පොලිසිය සඳහන් කළේ, මිය ගිය පුද්ගලයා ජාඩි ඇළ මාර්ගයේ වැටී සිටි බව ත් පොලිසියට ලැබුණු තොරතුරක් මත සිද්ධිය වූ ස්ථානයට යන විට මිය ගිය පුද්ගලයාගේ හිස ප්‍රදේශයේ කතුරක් ඇනී තිබූ නිසා මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට සැක කරන බව ත් ය.

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මේ පිළිබඳව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

රාජ්‍ය ආයතන ලංවීමට කෝටි 250ක් පොලු තියලා

Admin

අක්කර 15ක කැලය කපා ගංජා වවලා

colombotoday

ICC ප්‍රධාන විධායක සහ ක්‍රීඩා ඇමති අතර හමුවක්

Admin

ඉල්ලා අස්කර ගත් රාජපක්ෂලාගේ නඩු ගැන විමසන්න සජබේ මන්ත්‍රීවරු පිරිසක් අල්ලස් කොමිසම ට යයි

colombotoday

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග කලාවැවේදී මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට….

colombotoday

කොළඹට ඇතුළුවන බේස්ලයින් පාර තාවකාලිකව වැසේ

colombotoday