Colombo Today Local News

කොළඹට ඇතුළුවන බේස්ලයින් පාර තාවකාලිකව වැසේ

කැලණි පාලමේ ඉදිකිරීම් ව්‍යාප්තියක් හේතුවෙන් ඒ ඔස්සේ කොළඹට ඇතුළුවීමේ මාර්ගය තාවකාලිකව වසාදමා තිබේ.

අද (14) අලුයම 05.00 සිට සඳුදා (16) අලුයම 05.00 දක්වා බේස්ලයින් මාර්ගයේ කැලණිතිස්ස වටරවුමේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා වූ කොළඹට ඇතුළුවීමේ මාර්ගය මෙලෙස වසාදමන බව පොලීසිය සඳහන් කළේය.

ඊට විකල්ප ලෙස කොළඹට පැමිණීමේදී…
මාර්ගය වසා තැබෙන කාලය තුළදී කොළඹට පැමිණෙන වාහන කැළණිතිස්ස වටරවුම හරහා ඉඟුරුකඩේ හන්දියට පිවිස සිරිමාවෝ බණ්ඩාරණායක මාවත, ආමර් බාබර් හන්දියෙන් මහ විද්‍යාල මාවත ඔස්සේ පිටකොටුවටත් ආමර් වීදීය, පංචිකාවත්ත වටරවුම, මරදාන හරහා පිටකොටුවට සහ බොරැල්ලටත් ගමන් කළ හැකි බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම ප්‍රදීපා මාවත, සද්ධර්ම මාවතින් නැවත බේස්ලයින් මාවතට පිවිස දෙමටගොඩ දෙසට ගමන් කළ හැකිය.

කෙසේවෙතත් කොළඹින් පිටවන වාහන සඳහා ඔරුගොඩවත්ත මංසන්ධියේ සිට කැළණිතිස්ස වටරවුම දක්වා වූ මාර්ගය ගමනා ගමනයට විවෘතව පවතී.

Related posts

ඩයනා ඇතුළු පිරිසගේ ගුටි කෙළිය ගැන සොයන්න පත්කල මැතිසබා කමිටුවට කැඳවයි

Admin

පාසල් දරුවන්ට විකිණීමට ගෙනා බාබුල් කිලෝ 13ක් සමග 5ක් මාට්ටු…

colombotoday

විදුලිය ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව සදුදා කැබිනට්ටුවට

colombotoday

සංස්කෘතියට පහර ගසන ITN fm රේඩියෝ නාට්‍යයට එරෙහිව පොලිස් පරීක්ෂණ

colombotoday

ජනපතිව සුනු විසුණු කරන්න එජාපයෙන් මඩ මෙහෙයුමක් !

colombotoday

දරුවන් යොදා ගනිමින් යාචක වෘත්තියේ නිරතවන්නන්ට එරෙහිව නීතිය දැඩි වෙයි

colombotoday