Colombo Today Local News

පුත්තලමෙන් විල්පත්තුවට ඇතුල්වීම තාවකාලිකව නවතා දමයි.

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 12 ක් විවෘත කිරීම හේතුවෙන් කලාඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා පුත්තලමේ සිට එළුවන්කුලම හරහා මන්නාරම දක්වා වන මාර්ගයේ විල්පත්තුවට ඇතුල්වීම නවතා දමා තිබේ.

එළුවන්කුලම ප්‍රදේශයේදී කලාඔය ගලා යන සපත්තු පාලම අසල ස්ථාපනය කර තිබූ නාවුක හමුදා මුර පොළ මේ වන විට ඉවත් කිරීමට කටයුතු කර ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.

රාජාංගනය ජලාශයේ වාන් දොරවල් 02 ක් අඩි 06 බැගින්ද,දොරවල් 6 ක් අඩි 04 බැගින් සහ දොරවල් 4 ක් අඩි 02 බැගින් විවෘත කර ඇත. එම දොරවල් වලින් තත්පරයට ජලය ඝන අඩි 12,250 ක් කලාඔයට මුදා හැරේ.මෙම තත්ත්වය හේතුවෙන් කලාඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇත.

Related posts

දෙල්කඳ ට පර්චස් 100 ක සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක්

colombotoday

විදුලි බිල නැවත වැඩි කිරීම හැර වෙන විකල්පයක් නැහැ

Admin

රට තුළ සිටින සංචාරකයන් 18,000 කට පහසුකම්

colombotoday

රාමඤ්ඤ නිකායේ උප සභාපති මමයි-විජිත හේරත් කියයි

Admin

හොර දැව ඇද්දාට රුපියල් 60,000/= දඩයක්. | ලක්ෂ 50ක් වටිනා ලොරි රථය රාජසන්තකයි.

colombotoday

හොරට කැපූ ගොයම් බෑග් දෙකක් සමග අඹුසැමි යුවළක් අත්අඩංගුවට

colombotoday