Colombo Today Local News

BBC සංදේශයට එරෙහිව දිලිත් ජයවීර ගොනු කළ අපහාස වන්දි නඩුව නිෂ්ප්‍රභයි.

බීබීසී ලෝක සේවයේ සංදේශයට එරෙහිව ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා ගොනු කළ නඩුවක් කොළඹ දිසා අධිකරණය අද (12)දින ගාස්තුවට යටත්ව නිශ්ප්‍රභ කළේ ය.

ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා මෙම නඩුව ගොනුකර තිබුණේ, 2011 වසරේ ඔක්තෝබර් 26 වැනි දින ටී.එන්.එල් රූපවාහිනී සේවයේ සභාපති ශාන් වික්‍රමසිංහ මහතා සමග සිදුකළ දුරකථන සංවාදයක් ද සහිතව පළ කළ පුවතකින් තමන්ට අපහාසයක් සිදුවූ බව පවසමිනි.

කොළඹ දිසා අධිකරණයේ නඩුව පැවරීමට පෙර දිලිත් ජයවීර මහතා බීබීසී සංදේශයට එන්නතරවාසියක් යවමින් කියා සිටියේ අදාළ ප්‍රවෘත්ති වාර්තාව තුළ තමන් මුදල් විශුද්ධිකරණය, නීතිවිරෝධී මුදල් ඉපැයීම, මත්ද්‍රව්‍ය ජාවාරම, දුමින්ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සමග කොළඹ සුපිරි හෝටලයක සුඛෝපභෝගී කාමරයක් මිලට හෝ කුලියට ගැනීම සහ ශාන් වික්‍රමසිංහ මහතාට හා තවත් අයෙකුට මරණ තර්ජන එල්ල කළ බවට වාර්තා කර ඇති බවයි.

එමගින් තමන්ට අපහාසයක් සිදුව ඇතැයි කියමින්, ජයවීර මහතා 2012 වසරේ පෙබරවාරී 10 වැනි දින කොළඹ දිසා අධිකරණයේ බීබීසී සංදේශයට එරෙහිව නඩුවක් ගොනු කර තිබිණ.

ඒ, බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම් මිලියන 10 ක වන්දියක් ඉල්ලමිනි.

දීර්ඝ කාලයක් විභාග වූ මෙම නඩුවට අදාළ තීන්දුව ප්‍රකාශ කරමින්, කොළඹ දිසා අධිකරණයේ විනිසුරු රුශාන්ත ගොඩවෙළ මහතා අද නියෝග කළේ, නඩුව ගාස්තුවට යටත්ව නිශ්ප්‍රභ කරන බවයි.

බීබීසී සංදේශය වෙනුවෙන් බී.එල්. ඇන්ඩ් එෆ්.ද සේරම් නීතිඥ සමාගමේ උපදෙස් මත ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සමග මැක්සි බැස්ටියන්, සුගත් කල්දේරා, වසන්ත කුමාර් නයිල් යන නීතිඥවරු මෙම නඩුවට පෙනී සිටියහ.

ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා වෙනුවෙන් 2020 වසරේ මාර්තු මාසය දක්වා මෙම නඩුවට පෙනී සිටියේ ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ නීතිඥ සමිත් ප්‍රනාන්දු යන මහත්වරුන් ය.

Related posts

පිළියන්දල මාළු ව්‍යාපාරිකයාගේ සමීප ඥාතීන් දෙදෙනෙකුත් රෝහලට

colombotoday

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

colombotoday

නිදහස් උත්සවයේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණයි !

colombotoday

මෙරටින් පළමු මන්කිෆොක්ස් ආසාදිතයා හමුවෙයි

Admin

ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ… කටකතා පිටුපස ඇමතිවරයෙක්!

colombotoday

TNA කැබිනට්ටුවට ගේන්න රතන හිමිගෙන් යෝජනාවක් !

colombotoday