Colombo Today Local News

“ලංකාවේ බල පෙරළිය සුමට ලෙස සිදුව තිබෙනවා. වෙනස විශිෂ්ඨයි” – මූන්ගෙන් නොසෑහෙන්න පැසසුම්

ban ki moon

ශ්‍රී ලංකාවේ බල පෙරළිය නිසි ලෙස, සුමට ආකාරයෙන් ඉකුත් වසරේදී සිදුවූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මූන් සඳහන් කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල වෙබ් අඩවිය කියයි.

එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ මේ වසර සඳහා වන මුල්ම රැස්වීම අමතමින් මෙලෙස ශ්‍රී ලංකාව ගැන සිහිපත් කළේය.

ශ්‍රී ලංකාව මෙන්ම, නයිජීරියාවේ සුමට බල හුවමාරුවක් සිදුවූ අතර මියන්මාරය සහ ටියුනීසියාව පසුගිය වසරේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාමාර්ගයෙන් ඉදිරියට පැමිණි බවද මහලේකම් සඳහන් කොට ඇත.

දැනටමත් ලොවපුරා පවතින ත‍්‍රස්ත තර්ජන වලට මුහුණදීම පිළිබඳව අදහස් දක්වමින් මහලේකම් බැන් කී මූන් මහතා එහිදී කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් වල සමීප සහයෝගීතාව මෙන්ම , කලාපීය සංවිධාන වල දේශීය ප‍්‍රජාවන්ගේ සහයෝගය ඒ සඳහා වැදගත් වනු ඇති බවය.

Related posts

පිළිපීනයේ සිටි ලාංකිකයන් 223ක් දිවයිනට

colombotoday

රුව වඩවන මැටි ක්‍රීම්

colombotoday

වඩා ජවසම්පන්න ලෙස, තිරසාර අරමුණින් ඉදිරිය බලා යන ගමන වේගවත් කරමු – ජනපති

colombotoday

කොළඹ මහ නගරසභා වෙබ් අඩවියෙන් සිංහල භාෂාව ඉවත් කරයි

colombotoday

පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සීමා කරයි

Admin

ගෝලීය නායක සමුළුවේ දී ඉහළ පෙළේ සාකච්ඡා සභාවක් ඇමතීමට ප්‍රංශ ජනපතිගෙන් ජනපතිට ආරාධනයක්

Admin