Colombo Today Local News

2009 දී මා කී දේ ඇහුවානම් අද ආර්ථික අර්බුධයක් නෑ – අගමැති

යුද්ධය අවසන්වීමෙන් පසු විදේශ ආයෝජන හරහා විදේශ විනිමය ලබා නොගෙන හිටපු පාලකයන් එදා මහ බැංකු අධිපතිවරයාගේ උපදෙස් මත විදේශ ණය ලබා ගැනීමට කටයුතු කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒවන විට අමෙරිකානු ආර්ථිකය බිඳ වැටී තිබුණත්, නැවත එහි ආර්ථිකය ශක්තිමත් වූ විට එම මුදල් ආපසු එරටට ගලා ගොස් අප ර‍ටේ ආර්ථික අර්බුදයක් ඇති වන බව තමන් එදා පෙන්වා දුන්නත් ආණ්ඩුව දිගටම ණය ලබා ගැනීම නිසා 2014 වන විට ණය සඳහා පොලිය ගෙවීමටවත් නොහැකි උග්‍ර ගැටලුවකට රට මුහුණ පෑ බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

එදා ඇති වී තිබුණේ වැස්සකට මඟ නතර වෙනවා වැනි තාවකාලික තත්ත්වයක් බවත්, එම නිසා එම ක්‍රියාමාර්ගයට යොමු නොවී, විදේශ ආයෝජකයන් වෙත අවධානය යොමු කරමු යැයි එදා තමන් පැවසුවත්, අමෙරිකානු ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් නොවන බවත්, ශ්‍රී ලංකාවට පැමිණි මුදල් ශ්‍රී ලංකාවේ රැ‍ෙඳෙන බවත් එදා පාලකයන් පැවසූ බව කී අගමැතිවරයා 2013 – 2014 කාලය වන විට ලබාගත් ණය සඳහා පොලිය ගෙවීමටවත් රටේ ආර්ථිකය ප්‍රමාණවත් නොවී අවසානයේ ගැටලුව උග්‍රවීමට පෙර මැතිවරණයකට යාමට ඔවුන් කටයුතු කළ බවත් අගමැතිවරයා කීය. පුත්තලම, වනාතවිල්ලූව නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

2009 වසරේ දී ශ්‍රී ලංකාව ණය ගන්නා විට විදේශ ණය ලබා නොගැනීමට තායිලන්තය සහ වියට්නාමය තීරණය කළ බවත්, අමෙරිකාවෙන් විශාල ලෙස ණය මුදල් ලබා ගැනීමට හැකි වුවත් එසේ නොකොට ආයෝජකයන් ගෙන්වා ගැනීම හරහා කර්මාන්ත හා සංචාරක කර්මාන්ත හරහා තම රට දියුණු කරමින් අපනයන ආර්ථිකයක් ඇති කර ගැනීමට එම රටවල් කටයුතු කළ බවත් අගමැතිවරයා කීය. එම නිසා අද මෙම ගෝලීය ආර්ථික අර්බුදය ඔවුන්ට ප්‍රශ්නයක් වී නොමැති බවත්, ඔවුන් රටේ ආයෝජන ප්‍රමාණය වැඩි කළ නිසා මෙම අර්බුදයට හොඳින් මුහුණ දෙන අතර අපි ලබාගත් ණය ප්‍රමාණය වැඩි කළ නිසා එම අර්බුදය හමුවේ අසරණ වී සිටින බවත් අගමැතිවරයා‍ පෙන්වා දුන්නේය.

‘එදා ණය ලබාගත්තේ අප නොවුණත්, දැන් ආණ්ඩුව බාර ගෙන තිබෙන්නේ අපයි. පරණ පව් ගැන කොතරම් කෑගැසුවත් මේ වගකීම අප බාරගත යුතුයි. මේ ආර්ථිකය නැවත ගොඩනැඟීම වෙන කිසිවකුටත් කළ නොහැකියි’ යැයිද අගමැතිවරයා වැ‍ඩිදුරටත් සඳහන් කළේය. ලෝකයේ බොහෝ රටවල් මේ තත්ත්වයට මුහුණපාමින් සිටින අතර එම තත්ත්වයෙන් ගොඩ ඒමට එම රටවල් පියවර ගනිමින් සිටින බවද හෙතෙම කීවේය.

Related posts

රාජ්‍ය පරිපාලන නව ලේකම් පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Admin

මුදල් අමාත්‍යාංශ ලේකම් ගෙන් නව චක්‍රලේඛයක්

colombotoday

මයික් පොම්පියෝ ට විරුද්ධව ඇමෙරිකානු තානාපති කාර්යාලය වටලයි..

colombotoday

ඉතිහාසයේ මුල්වරට ඩොලරය 152 පනී.. රුපියල දෙවසරකදී රු 20කින් බාල්දු වේ

colombotoday

පොහොට්ටුවේ නායකයා මහින්දයි – ජී.එල්. කියයි

colombotoday

හමුදාවට එරෙහිව ඇමරිකාව ගෙනා යෝජනාවක් ශ්‍රී ලංකාව පිළිගනි.. රටට වසන් කළ රහසක් ජිනීවා වාර්තාවකින් හෙළිවේ

colombotoday