Colombo Today Local Newsfeatured

නිතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසිය ඥානසාර හිමි වැරදි කරුවකු කරා – බෙන්ගමුවේ හිමි

භික්ෂුන් වහන්සේලා වශයෙන් තවත් භික්ෂුන් වහන්සේ නමකට කරදරයක් හිරිහැරයක් ඇතිවූ වීට ඒ වෙනුවෙන් පෙනී ඉන්න බැරිනම් එය භික්ෂුත්වයට නිගාවක් බව බෙන්ගමුවේ නාලක හිමි අද(2) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා. රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් සාසනය වෙනුවෙන් හඬක් නැගු භික්ෂුන් වහන්සේ නමක් ලෙස ගලගොඩ අත්තේ ඥානසාර හිමි හැඳින්විය හැකි බවත් ඥානසාර හිමියන්ගේ චේතනාව තමන් වහන්සේ අගය කරන බවත් සඳහන් කර සිටියා.

නිතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසිය වැරදි තොරතුරු ඉදිරිපත් කර චේතනාන්විතව ඥානසාර හිමි වැරදි කරුවකු කිරීමට ක්‍රියා කර ඇති බව පෙන්වා දුන් බෙන්ගමුවේ හිමි චේතනාන්විතව බැලූ විට ඥානසාර හිමි හරි තැන සිටින බවත් බොරු කරුණු ඉදිරිපත් කල නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසිය වැරදි තැන සිටින බවත් සඳහන් කර සිටියා.

මෙම ක්‍රියාවලිය පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මකව ඇති බවත් යහපාලන රජයේ බෞද්ධ සංස්කෘතියට වෛර කරන පුද්ගලයින් පිරිසක් ඉහල තැන්වල සිටින බවත් එවැනි පුද්ගලයින්ට ඥානසාර හිමි වැනි භික්ෂුන් පෙන්නන්න බැරි බවත් උන්වහන්සේ මෙහිදී සඳහන් කළහ. ආණ්ඩුවේ සිටින එවැනි පිරිස් විසින් ගෙන යන, රට දැය වෙනුවෙන් හඬනගන භික්ෂුන් නිහඩ කිරීමේ වැඩපිළිවෙලක ප්‍රතිපලයක් ලෙස ඥානසාර හිමි සිරබත් වළදමින් සිටින බවත් සඳහන් කර සිටි ඒ හිමියෝ ඥානසාර හිමි අල්ලා බලු කූඩුවේ දමන බවට ප්‍රකාශ පවා මීට ඉහතදී නිකුත් කර තිබූ බව ප්‍රකාශ කර සිටියා.

Related posts

ජයන්ත විජේසේකර විමල්ව අතහරී.. මෛත්‍රීට එක්වෙයි

colombotoday

චන්ද්‍රිකා සමග මංගලගේ කල්ලිය රනිල් අගමැති කිරීමේ මෙහෙයුමක

colombotoday

රොයල් පාක් ඝාතකයාට සමාව දුන්නේ ආගමික නායකයන්ගේ ඉල්ලීම මතයි – ජනපතිගෙන් නිවේදනයක්

colombotoday

අධිකරණයෙන් කට්ටි පැන්න හිටපු කොටි නායකයෙක් අල්ලන්න වරෙන්තු !

colombotoday

ජනාධිපති ඝාතනයට බෝම්බ ඇටවූ අයෙක් නිදහස්

colombotoday

අඟුණකොළපැලැස්සෙන් මාංචු සමඟ පැන්න රැදවියන් දෙන්නෙක් අල්ලයි

Admin