Colombo Today Local News

පාසල් වේලාව පැයකින් දීර්ඝ කෙරේ

ලබන වාරයේ සිට පාසල් වේලාව පැයකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම වසරට (2022) අදාළ විෂය නිර්දේශයන් ආවරණය කිරීම සඳහා දින 139ක් වැනි සීමිත කාලයක් පැවතීම මෙම තීරණයට හේතු වී තිබෙන අතර වේලාව පැයකින් දීර්ඝ කිරීම නිසා දින විස්සක පමණ අමතර ඉගැන්වීම් කාලයක් ලබා ගැනීමට හැකි වන බව අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.

වේලාව දීර්ඝ කිරීමෙන් පසුවත් විෂය නිර්දේශ ආවරණය කර ගත නොහැකි වන්නේ නම් තෙවැනි වාරයේ දී සෙනසුරාදාවන්හි පාසල් පැවත්වීම කෙරෙහි ද අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස පහළොස් වැනිදා ද උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 17 වැනිදා සිට ද පැවැත්වීමට අමාත්‍යාංශය දැනට සැලසුම් කර තිබෙන අතර මෙම වසරට නියමිත සාමාන්‍ය පෙළ විභාගය 2023 වසරේ ජනවාරි මස පළමු සතියේ දී පැවැත්වීමට නියමිත ය.

පසුගිය වසරේ පැවැත්වීමට නියමිත වූ සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මස 23 වැනිදා ආරම්භ කෙරේ.

Related posts

කෝටි තුනක මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Admin

බටහිර පර්යන්තයේ ආයෝජන ව්‍යාපෘතිය ගැන කැබිනට් තීරණය මවිතයට කරුණක් – ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය

colombotoday

එජාපයේ ප්‍රබලයෙකුට මෙවර ඇමතිකම් නොදෙන බව ජනපති කියයි

colombotoday

පැය 24ක් තුළ බීමත් රියැදුරන් 758 ක් අත්අඩංගුවේ

colombotoday

යෝජිත නව විදුලිබල පනත සදුදා කැබිනට්ටුවට

Admin

ඔබයි මගේ නායකයා – අගමැති රනිල්ට සජිත් ප්‍රේමදාසගෙන් සහතිකයක්

colombotoday