Colombo Today Local News

මිලියන 23ක කේරළ ගංජා තොගයක් මන්නාරමේ කැළෑවක

රුපියල් මිලියන 23කට අධික වටිනාකමකින් යුතු කේරළ ගංජා තොගයක් මන්නාරමේ කැළෑවක තිබී නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

උතුරු මැද නාවික විධානය මගින් මන්නාරම, මාන්තේ ප්‍රදේශයේ කැළෑවක සඟවා තිබියදී කේරළ ගංජා තොගය සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසයි.

එහිදී පාර්සල් 32ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 67යි ග්‍රෑම් 500ක තොගයක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

එම කේරළ ගංජා තොගය වැඩිදුර විමර්ශන සඳහා වංකාලේ පොලීසිය වෙත භාරදීමට කටයුතු කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව නාවික හමුදාව සඳහන් කරයි.

Related posts

අලි ඝාතකයින්ට මනුෂ්‍ය ඝාතන දඬුවමක් දෙන්න

Admin

වී මිල කිලෝවක් රු. 28යි – බුලත් විටක් රු.30 යි

colombotoday

සිංහලයෙක් සමග විවාහවූ අටළුගම ෆාතුමාට තර්ජනය කල ඉමිතියාස් වෙනුවෙන් අජිත් පී පෙරේරා අධිකරණයට

colombotoday

කොටි ඩයස්පෝරාව ස්විස්ටලන්තයේදී තමිල් චෙල්වම් සහ ඇන්ටන් බාලසිංහම්ව සමරයි.

colombotoday

ජාතික රූපවාහිනි, ITN, සැලසිනේ මුල් පුටු වෙනස් කෙරේ

colombotoday

“ජනතාව අසංවර නම් රට වැහුවත් කොරෝනා පාලනය කරන්න බෑ.. සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන්න”

colombotoday