Colombo Today Local News

අයවැයෙන් විදුලි වාහන අඩුවෙනවා කීම මුලාවක්.. ඇත්තටම වෙන දේ මෙන්න !

විදුලි මෝටර් රථ සදහා වන බද්ද රුපියල් ලක්ෂ 10 කින් අඩු කරන බව අයවැයෙන් යෝජනා කළත් එම වාසිය කිසි සේත්ම මෙරට පාරිභෝගිකයන්ට හිමි නොවන බව කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.

එම බදු සහනය අදාළ වන්නේ අලුත්ම විදුලි වාහන වලට පමණක් බවත්, මෝටර් රථ නිෂ්පාදන සමාගම් විසින් අලුත්ම විදුලි වාහන මෙරටට එවන්නේ නැති බවත් ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව විදුලි වාහන මෙරටට ගෙන්වන්නේ පාවිච්චි කල වාහන සදහා පමණක් බවත් අයවැය යෝජනාව අනුව භාවිත කල වාහන සදහා එම සහනය හිමි නොවන බවත් සදහන් කල එම සංගමය ඒ අනුව මෙරට පාරිභෝගිකයන්ට එවන් එමගින් කිසිදු සහනයක් සිදු නොවන බවද කියා සිටියහ.

සැබෑ ලෙසම එම වාසිය ජනතාවට ලැබීමට නම් රීකන්ඩිෂන් හා බෑන්ඩ් නිව් ලෙස පනවා ඇති සීමාවන් ඉවත්කල යුතු යයිද ඔවුන් වැඩි දුරටත් පෙන්වා දුන්හ.

Related posts

ඡන්දෙදි පොරොන්දු වුණාට දැන් Free Wi-Fi දෙන්න බෑ…

colombotoday

සජබ ට සහය වූ වලල්ලාවිට මන්ත්‍රී කණ්ඩායමත් නැවත එජාපයට එක් වෙයි

colombotoday

සුමාත්‍රා දූපත ආසන්නයේ භූ චලනයක්

colombotoday

ඩයනාගේ පැටිකිරිය ඉක්මනින් සොයන්න අධිකරණයෙන් නියෝග

Admin

සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද හා හෙට විවෘතයි

colombotoday

විල්පත්තු සංහාරය බැදුම්කර හානියට වඩා වැඩියි.. සියළු වංචා දූෂණවලට වඩා බරපතලයි !

colombotoday