Colombo Today Local News

හිරුණිකා අත්අඩංගුවට ගනී.. අදම උසාවියට ඉදිරිපත් කරයි

hirunikaපාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, පසුගියදා දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගත් බව ය.

අත්අඩංගුවට පත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් කෙසේ ක්‍රියා කළ යුතුද යන්න නීතිපතිවරයාගෙන් කරුණු විමසා සිටි අතර ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලීසියට දන්වා තිබුණේ මීට දින කිහිපයක පෙරයි.

හිරුණිකා අත්අඩංගුවට ගන්නැයි නීතිපති උපදෙස් දෙයි

Related posts

ඇමතිකම් ගත් සියල්ලන් නිදහස් පක්‍ෂයේ තනතුරුවලින් නෙරපයි

colombotoday

තවත් ගල්අඟුරු නැවක් මැයි එක දිවයිනට

Admin

ආපදා සහිත ප්‍රදේශවල පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථානගත කරයි

Admin

ජනපති ජර්මානු චාන්සලර්වරිය හමුවෙයි

colombotoday

ඇඳිරිය තිබියදී විවෘත තැබෙන ඉන්ධන බෙදුම්හල්

colombotoday

බරපතළ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 86 ක් පැය 12ක මෙහෙයුමකින් අත්අඩංගුවට

colombotoday