Colombo Today Local News

ආපදා සහිත ප්‍රදේශවල පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථානගත කරයි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක ආපදා සහන කණ්ඩායම් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන තිබේ.

හදිසි ගංවතුර තත්වයකදී ජනතාවට සහන සැළසීමට සහ ඔවුන් එම ආපදාවෙන් මුදා ගැනීම සඳහා දකුණු නාවික විධානය මඟින් ගාල්ල, අකුරැස්ස, කොටපොල, නාගොඩ, තවලම, කඹුරුපිටිය සහ අතුරලිය යන ප්‍රදේශයන් වෙත සහන කණ්ඩායම බැඟින් යොමු කර ඇති බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් මත එම පියවර ගෙන ඇත්තේ ගිං ගඟ හා නිල්වලා ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල හටගෙන ඇති ජල ගැලීම් තත්වයන් සැලකිල්ලට ගෙනයි.

ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අවශ්‍යතාවය මත අමතර නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථානගත කිරිමට කටයුතු සූදානම් කර ඇති බවද නාවික හමුදාව සදහන් කරයි.

Related posts

රටේ ණය බර වැඩිවෙලා රාජ්‍ය සේවක වැටුප් ගෙවාගන්නවත් බැහැ -ජනපති

colombotoday

විශ්‍රාමයාමේ වයස් සීමාව ඉහළට

colombotoday

කොරෝනා අස්සේ තවත් වසංගතයක් බෝ වෙයි.

colombotoday

රාජ්‍ය ආයතන යළි ආරම්භ කිරීමට ලබන සතියේ විශේෂ චක්‍රලේඛයක්

colombotoday

මිලියන 18848ක මෙහෙයුම් අලාභයක් ලබන තෙල් සංස්ථාව සී.සී.ටී.වීවලට ලක්ෂ 500ක් වැය කරලා

colombotoday

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හෙට දිවයිනට

colombotoday