Colombo Today Local News

ලාංකික සරණාගතයන්ටත් යුරෝපයේ රටවල් 4ක දොර වැසේ

යුරෝපයේ බෝල්කන් ප්‍රදේශයට අයත් රටවල් 4ක ශ්‍රී ලාංකික සරණාගතයින් ඇතුළු සරණාගත ජනයාට ඇතුළුවීමට තිබූ ඉඩ ප්‍රස්ථා ඇහිරවීමට එකී රටවල බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව මැසිඩෝනියාව විසින් මොරොක්කෝව, ශ්‍රී ලංකාව,සුඩානය,ලයිබීරියාව,කොංගෝ හෝ පකිස්ථානය යන රටවලින් එන සරණාගත ජනයා පිළිනොගැනීමට තීරණය කර ඇති බව සර්බියාවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රකාශිකා මෙලිටා සුන්ජික් අද (19) පවසා ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි.
තම රටවලට සංක්‍රමණය වන සරණාගත ජනතාව කෙරෙහි යුරෝපීය ජනයා මේවන විට බියෙන් පසුවන බවත්, ඔවුන් සමග සන්නද්ධ සංවිධානවල සාමාජිකයින් පැමිණීමේ ඉඩකඩ ඇති බවත්, පැරිස් ප්‍රහාරයෙන් එකී බිය අලුත් වී ඇති බවත් ඇය පෙන්වාදී ති‍බේ.

මැසිඩෝනියානු හා සර්බියානු දේශසීමාවේදී සර්බියාව විසින් යුදමය වාතාවරණයක් පවතින සිරියාව,ඇෆ්ගනිස්ථානය හා ඉරාකය යන රටවලින් පැමිණෙන සරණාගත ජනයාට පමණක් සුළු ඉඩක් ලබාදී ඇති බව ඇය ඒ.පී පුවත් සේවයට අවධාරණය කර ඇත.

Related posts

වීර මඩුගල්ලේ 199 වන ගුණානුස්මණ වෙනුවෙන් වීර මඩුගල්ලේ පිළිරුව නිරාවරණය කෙරේ

colombotoday

කූඩුවේ ඉදන් රන්ජන් කථා කරන බඩු මාට්ටු

colombotoday

නීති විරෝධී ලෙස කහ ගෙනා පුද්ගලයා ස්වයං නිරෝධායනයට

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 600 කට ස්ථාන මාරුවීම්

colombotoday

කාන්තාවන්ගේ දැවෙන ගැටළුවකට යහපාලනයෙන් පිළිතුරු !

colombotoday

මොහු දුටුවොත් පොලිසියට කියන්න

Admin