Colombo Today Local News

වීර මඩුගල්ලේ 199 වන ගුණානුස්මණ වෙනුවෙන් වීර මඩුගල්ලේ පිළිරුව නිරාවරණය කෙරේ

වීර මඩුගල්ලේ පිළිරුව නිරාවරණය කීරිම සහ වීර මඩුගල්ලේ 199 වන ගුණානුස්මණ උත්සවය පසුගිය( 07 ) වන දා මාතලේදී පැවැත්විණි. මේ සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස කතානායක කරූ ජයසුරිය එක් විය.

ස්වකීය මාතෘ භූමිය වෙනුවෙන් දිවි පූජා කල 1818 විමුක්ති අරගලයේ අසහාය විරුවෙකු වන මඩුගල්ලේ උඩ ගබඩා නිළමේ තුමන්ගේ නාමය ඉතිහාසයේ කිසිදා මකාලිය නොහැකි ගෞරවණිය ශ්‍රේෂ්ඨ පරිඡේදයක් බවද එවැනි ජාතික විරුවන් ධන ලෝභයෙන් සහ බලලෝභයෙන් පවාදෙන මිනිසුන්ට එදා තාරකා පගෝධි වලින් තෑගි දීමට ආක්‍රමණික යටත් විජිත වාදීන් අත දිග හැර වියදම් කිරීමට නොපසුබට වූ බවද කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.

කැප්පොටිපොල නිළමේතුමා පවාදෙන්නේකුට තාරකා පගෝධි දෙදාහක් නියම කල ඉංශ්‍රීසිහු මඩුගල්ලේ විරුවානන් පවාදෙන්නේකුට තාරකා පගෝධි දහසක් දීමට ඉදිරිපත් වූ බවද ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ විමුක්ති සටන් බොහොමයක් මෙවැනි තුටු පඬුරුවලට ලොල් වූ මිනිසුන් නිසා අසාර්ථක වූ බවද කථානායකවරයා සඳහන් කලේය.

කථානායක කරු ජයසුරිය මහතා මේ බව ප්‍රකාශ කලේ පසුගිය( 07 ) වන දා මාතලේ වීර මඩුගල්ලේ පිළිරුව නිරාවරණය කීරිමේ සහ වීර මඩුගල්ලේ 199 වන ගුණානුස්මණ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

මාතලේ මහනගර සභා ගොඩනැගිලි පරිශ්‍රය ඉදිරිපිට වීර කැප්පොටිපොල ප්‍රතිමාව නුදුරින් කැප්පොටිපොල විරුවාණන්ගේ සටන් සගයා මෙන්ම මයිලනුවන්ද වන වීර මඩුගල්ලේ නිළමේතුමන්ගේ පිළිරුව ස්ථාපිත කිරිමට විරමඩුගල්ලේ ජාතික පදනම කටයුතු යොදා තිබිනි.

පිදිය යුත්තන් පිදීම ජාතික අවශ්‍යතාවයක් මෙන්ම ශිෂ්ට සම්පන්න බවද සලකුණු කරණ උතුම් ගුණයක් බවත්, එය අනාගත පරපුරෙහි ස්වාභිමානය ගොඩනගාගැනීමට වැදගත් පදනමක් බවත්, කථානායක කරු ජයසුරිය මහතා මෙම උළෙල අමතමින් කීය.

වීර මඩුගල්ලේ සමරු උළෙල අමතමින් කථානායකවරයා මෙසේද පැවසීය.

“අසමගිය හා බලලෝභිත්වය නොවන්නට කිසිදා සුදු කීරීටයට සිංහල රාජධානිය බිද දැමිය නොහැකි වනු ඇති බවත්, අනාගත පරපුර ඉතිහාසය ඇසුරින් ජාතික සමගියේ වැදගත් කම අවබෝධකර ගැනීමද මෙම විරුවන් කල දුෂ්කර අරගලයන් පිළිබද විමසා බැලිමෙන් සිදුවනවා.

බටහිර ජාතීන් ලියු ඉතිහාසයේ කැරලි කරුවන් ලෙස හැදින්වූ විමුක්ති අරගලයන්හී සටන්කල විරුවන් ජාතික විරයන් ලෙස නම් කිරීමට වත්මන් ජනාධිපතිතුමාන් විසින් ගනු ලැබූ පියවරද අතිශයින් වැදගත් බව සඳහන් කල යුතුයි”

මෙම විරුවාණන්ගේ පරම් පරාවන් අදටත් සමාජයේ පොදු යහපත වෙනුවෙන් කැපවීම තුල මුතුන් මිත්තන්ගේ ගෞරවය ආරක්ෂා කර ඇති බවත් සදහන් කල යුතු බවද කථානායකවරයා කීහ.

වීර කැප්පොටිපොල ගුණානුස්මරණ පදනම වීර මඩුගල්ලේ ජාතික පදනම වැනි සංවිධානයන්හි යුගය අවශ්‍යතාවන් පැහැදිලි කරමින් වීශේෂ දේශනයක් කල කථිකාචාර්ය විරාජ් නිරන්ජන් බාලසූරිය මහතා :

සුදු රතු ලොගුවත් බයිනේත්තුවත් ජාතිය නිහඩ කරවන නිරර්ථක වෑයමෙහි නිමග්න වෙත්දී වීරත්වයේ අභිමානය බයිනේත්තුව හෝ කාලතුවක්කුවට මෙල්ල කල නොහැකි බව මඩුගල්ලේ විරුවා ආදර්ශයෙන් පෙන්වා.එවැන්නන් ඇගයීමෙන් අදහස් කරනුයේ සුද්දනගෙන් ඉතිහාසය කියවාගත් ඔවුන්ගේ බහටම සියල්ල තීරණය කරන අවිචාරවත් මොලගෙඩි ඇති ඉතිහාසයේ ඇත්ත අමතක වූ සහ අමතක කරන ජාතියකට යම් පණිවිඩයක් ලබා දීමයි.බොහෝ ඉතිහාසඥයෝ ඉංග්‍රීසියෙන් ලියැවුනු දෑ එලෙසම ග්‍රහනය කරගත් බව රහසක් නොවේ.එහෙයින් ඔවුන්ගේ චින්තාවන්ද බටහිර පන්නයේ ආකෘතීන්ය.එකී උගතුන්ගේ ඥාතීන්ද ස්වදේශිකත්වය වලපල්ලට යවා තිබේ.ඒවා කියවා ගන්නා ඇතැමුන්ද පාරාදීනත්වයේ පත්ලටම ගිලෙති.වීරත්වයට කැපකිරීම්වලට ඇති ඉඩ අසුරා ඒ මත අවලාද දෝෂාරෝපන ඇතැම් විට මුනිවත සායම් කර තිබේ.ජාතියක ඉරනම මුලුමනින්ම පාහේ එම චිත්‍රයේ වර්ණ අතරේ සැගවී තිබේ.

මෙම අවස්තාවට හිටපු අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් වසන්ත පෙරේරා මාතලේ පුරපති ඩල්ජිත් අලුවිහාරේ මඩුගල්ලේ පරපුරේ ජාතීන් විර මඩුගල්ලේ ජාතික පදනමේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

Related posts

දංකොටුව පොලීසියට පුපුරන ද්‍රව්‍ය රැගෙනවිත් ප්‍රහාරයක් එල්ල කිරීමට පිරිසක් සැරසෙන බවට 119 අංකයට ඇමතු කතක් රිමාන්ඩ්

colombotoday

ඇප නෑ.. මුසම්මිලුත් ජූලි 4 දක්වා වැලිකඩට

colombotoday

ජනපතියි අගමැතියි ජනවරමට පයින් ගැහුවා.. 8දා අපිත් වීදි බහිනවා – යහපාලන සගයෝ මැසිවිලි නගති

colombotoday

මාකදුරේ මධූෂ් හොරකම් කළ කෝටි 700 දියමන්තිය මෙන්න

colombotoday

නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල හමුව අද

colombotoday

ජනපති මහ බැංකු නිලධාරීන්ට දුන් පැය 24ක කාලයේදී සංචිත අනුපාත පහල දමයි.. වෙළදපලට සම්පූර්ණ වශයෙන් බිලියන150ක්

colombotoday