Colombo Today Local News

ජනපති අවසරය ලැබෙයි.. ශ්‍රීලනිප 16 දෙනා ඇමතිකම් අතහැර ආණ්ඩුවෙන් ඉවත් වෙයි

අගමැතිට එරෙහි විශ්වවාසභංගයට පක්ෂව ඡන්දය දුන් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් 16 දෙනා ආණ්ඩුවේ දරණ සියළු තනතුරුවලින් අද දිනයේ සිට ඉවත් වීමට තීරණය කර තිබේ.

ඒ සදහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ අවසරය ලැබුණු බව රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා සදහන් කරයි.

කෙසේ වෙතත් ඉදිරියේදීද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේම මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ කටයුතු කරන බවද ඔහු කියා සිටී.

මේ සම්බන්දයෙන් ජනාධිපති නිල නිවසේ අද පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුව තුල තව දුරටත් කටයුතු කරන්නේද නැද්ද යන්න සම්බන්දයෙන් ඉදිරි මධ්‍යම කාරක සභාවේදී තීරණය කරනා බවද ඔහු සදහන් කලේය.

ඒ අනුව අද දිනයේ සිට ඇමති තනතුරු අතහරිනු ලබන ශ‍්‍රීලනිප මැති ඇමති පිරිස මෙසේය.

  1. දයාසිරි ජයසේකර
  2. එස්.බී. දිසානායක
  3. සුසිල් පේ‍්‍රම්ජයන්ත්
  4. අනුර ප‍්‍රියදර්ශණ යාපා
  5. චන්දිම වීරක්කොඩි
  6. ජෝන් සෙනෙවිරත්න
  7. තිලංග සුමතිපාල
  8. ලක්‍ෂමන් යාපා අබේවර්ධන
  9. ටී.බී. ඒකනායක
  10. ඩිලාන් පෙරේරා
  11. සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ
  12. අනුරාධ ජයරන්ත
  13. සුමේදා ජයසේන
  14. සුසන්ත පුංචි නිලමේ
  15. ලක්‍ෂමන් වසන්ත පෙරේරා
  16. තාරානාත් බස්නායක

Related posts

යහපාලන ‘බලු දඩයෙන්‘ බල්ලොත් අමාරුවේ.. බල්ලන්ට පෙර, දඩාවතේ යන ඇමතිලා බැඳ දමනු !!

colombotoday

ඒකාබද්ධයෙන් 4ක් ආණ්ඩුවට.. එන අය ගැන ඉගියක් හැරිසන්ගෙන්

colombotoday

සමගි ජන බලවේගය හා එක් වුවන්ට එජාපය තහනම්

colombotoday

මස් කර්මාන්තශාලාවට මම ගියේ ආරාධිතයෙක් විදිහට. මේක මඩක් මම නිර්මාංශිකයි – නාමල්

colombotoday

ලබන වසරේ සිට ඉන්ධන මිල දෛනිකව සංශෝධනය කරයි

Admin

මහාචාර්ය ටෙරන්ස් පුරසිංහයන් අභාවප්‍රාප්ත වෙයි

colombotoday