Colombo Today Local News

මස් කර්මාන්තශාලාවට මම ගියේ ආරාධිතයෙක් විදිහට. මේක මඩක් මම නිර්මාංශිකයි – නාමල්

කටුනායක අපනයන සැකසුම් කලාපයේ විවෘත කරපු විදේශීය හා දේශීය ආහාර සැකසුම් කර්මාන්ත ශාලාවක් සම්බන්ධයෙන් මාව සම්බන්ධ කරලා මේ දවස්වල ෆේස්බුක් එකේ මඩ ප‍්‍රචාරයක් යනවා. මේක තනිකරම මඩක්. එවැනි අසත්‍ය ප‍්‍රචාරයක් සමාජය තුළ ගෙනයෑම සම්බන්ධයෙන් කනගාටු වෙනවා’ යැයි තරුණ කටයුතු හා ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ජාතික පුවත්පතකට අදහස් දක්වමින් කියා සිටිනවා.

‘මේ මස්, තවත් ආහාර වර්ග ප‍්‍රතිඅපනයනය කරන සමාගමක්. මේකට ලංකාවේ සම්බන්ධයක් නැහැ. එම සමාගමේ අයිතිකරුවන් මට ආරාධනාවක් කරපු නිසා ආරාධිතයෙක් විදිහට මම එතැනට ගියා. මේක මගේ ව්‍යාපාරයක් නොවෙයි. දේශීය ව්‍යාපාරිකයෙක්ගේ ව්‍යාපාරයක් නිසා මම එතැනට පොඩි වෙලාවකට ගියා. මේක ගව ඝාතකාගාරයක් කියලා මාවත් සම්බන්ධ කරලා ෆේස්බුක් එකේ මඩ ප‍්‍රචාරයක් යනවා.

‘‘මම නිර්මාංශ කෙනෙක්. මෙතනට මස් ගේනවා වගේම නිර්මාංශ ආහාරත් නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ වෙජිටේරියන් ආහාරත් මෙතන තියෙනවා. මේක මගේ තැනක් නොවෙයි. යම් යම් අය බලන්නේ අපිට පුළුවන් තරම් මඩ ගහලා වින්දනයක් ලබන්නයි.

දේශීය ව්‍යාපාරිකයෙක් රටට ආදායමක් එන ව්‍යාපාරයක් කරනවා නම් එය අගය කළ යුතුයි. මෙවැනි දේශීය ව්‍යාපාරිකයන් තනන එකයි අපි කළයුත්තේ. නමුත් අද මේ සමාජයේ ඉන්න අය කරන්නේ ෆේස්බුක් අවභාවිතා කරමින් අනුන්ට මඩ ගහන එකයි.”

යනුවෙන් අමාත්‍යවරයා එහදී වැඩිදුරටත් පවසා තිබෙනවා.

Related posts

මාවනැල්ලේ බස් දෙකක් එකිනෙක ගැටෙයි

Admin

“විජේදාස ඉවත් නොවුණොත් මරාගෙන මැරෙන්න ලෑස්තියි” – අජිත් පී පෙරේරා

colombotoday

ජල ටැංකියක නැග දුම්රිය සේවකයින් විරෝධයක

Admin

මෙවර ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට ජනපති අබුඩාබි බලා පිටත් වෙයි

colombotoday

උතුරේ ජනතාවගෙන් වැඩි දෙනකුගේ ඇඟේ දුවන්නේ රණවිරුවන්ගේ ලේ

colombotoday

රත්වත්තේට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කළ රැඳවියන්ට ආරක්ෂාවක් සපයන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදෙස්

colombotoday