Colombo Today Local News

ඇප නෑ.. මුසම්මිලුත් ජූලි 4 දක්වා වැලිකඩට

mohammed-muzammil

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ලබන 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇත.

පසුගිය රජය සමයේ ජනාධිපති කාර්යාලයේ වාහනයක් අවභාවිතයේ යෙදවූයේය යන චෝදනාව මත මන්ත්‍රීවරයා අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.


ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, කොළඹ දිස්ත්‍රික් සංවිධායක මොහොමඩ් මුසම්මිල් මහතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහයක් අවභාවිතා කිරීමේ චෝදනාවක් මතයි ඒ මහතා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

ඉදිරි කටයුතු සඳහා ඒ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

බදුරලියේත් වෙඩි තැබීමක්

Admin

සොයිසා, ඉන්දික, ලක්ෂ්මන් ආණ්ඩුවට එක්වෙයි…

colombotoday

මන්ත්‍රීවරු කැමතිනම් ගල් අරක්කු මිළ අඩු කරන්න පුලුවන්

colombotoday

ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව : රුපියල් මිලියන 720ක අතුරු වන්දියක්

colombotoday

අධිවේගී මාර්ගය මටත් අයිතියි.. මගේ නම ගලවලා මහින්ද විවෘත කළා – චන්ද්‍රිකා

colombotoday

ඉස්ලාම් අන්තවාදයට යහපාලන අනුග්‍රහය! රටින් පැන්නූ අන්තවාදියෙක් ගෙන්වන්න හදනවා – අසාද් සාලිගෙන් හෙළිදරව්වක්

colombotoday