Colombo Today Local News

කාන්තාවන්ගේ දැවෙන ගැටළුවකට යහපාලනයෙන් පිළිතුරු !

ඉල්ලීමක් ඉදිරිපත් වන්නේ නම් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ටත් ඔසප් නිවාඩුවක් ලබාදිය යුතුයැ’යි කැබිනට් මණ්ඩලයට නිර්දේශ කිරීමට සූදානම් බව කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසන්නීය.

ඇමතිවරිය ඒ බව කියා සිටියේ චීනයේ පළාත් ගණනාවක් තුළ දැනටමත් ක්‍රියාත්මක ඔසප් නිවාඩුව ශ්‍රී ලංකාවේත් ක්‍රියාවට නැගිය හැකි දැයි කළ විමසීමකදීය.

ශ්‍රී ලංකාවේත් එවැනි නිවාඩුවක් ලබා දිය යුතුයැ’යි තමන් පුද්ගලිකව විශ්වාස කරන බව චන්ද්‍රානි බණ්ඩාර ඇමතිවරිය ප්‍රකාශ කළාය.
“දරන්න බැරි වේදනාවක් එන කාන්තාවෝ ඉන්නවා. මමත් ඒ වගේ කාන්තාවන් ගැන හොඳට දන්නවා. ඒ නිසා මගේ පෞද්ගලික මතයක් හැටියට මම හිතනවා එහෙම නිවාඩුවක් දෙන්න පුලුවන්නම් හොඳයි කියල.” යනුවෙන් ඇය පැවසුවාය.

ඔසප් වීම ආරම්භයත් සමග දරාගත නොහැකි වේදනාවක් දැනෙන්නේ නම් එවැනි කාන්තාවන්ට මසකට දිනක් හෝ දෙකක් නිවාඩු ලබා ගැනීමට චීනයේ පළාත් ගණනාවක් තුළ නීතියෙන් අවස්ථාව හිමි වේ.

එවැනි ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට පෙර එහි ඇති ප්‍රායෝගික ගැටලු දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් කළ යුතුව ඇති බව කාන්තා කටයුතු පිළිබඳ ඇමතිවරිය සඳහන් කළාය.

(බිබිසි සංදේශය)

Related posts

යෝෂිත 25 දක්වා යළි රිමාන්ඩ්

colombotoday

රමළාන් දින දේශනා පැවැත්වීමට තබ්ලිග් පුජකයන් තෝරාගෙන. | සාම්ප්‍රධායික මුස්ලිම්වරුන් විරෝධය දක්වයි.

colombotoday

හොරොව්පතාන මාර්ගයේ ඉන්ධන පිරවුම්හලක යතුරු පැදියට තෙල් ගහද්දි ගිනි ගනී

colombotoday

Breaking : ඊයේ පැනවූ ඇඳිරිනීතිය ඉවත් කරයි.

colombotoday

පළමු මාත්‍රාව ගත් අයට දෙවැනි මාත්‍රාව නිසි කාලයටම

colombotoday

නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහරිනවයි පවසා කප්පම් ඉල්ලූ දෙදෙනෙකුට වැඩ වරදී

colombotoday