Uncategorized

රාමසාන් සමයේ ශබ්ද විකාශණ යන්ත්‍ර භාවිතයට සීමා

හෙටින් ආරම්භ වන රාමසාන් උපවාස මාසයේදී ඉස්ලාම් දේවස්ථාන තුල ශබ්ද විකාශණ යන්ත්‍ර භාවිතා කිරීමේදී සීමා පනවා තිබෙනවා.

මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.ආර්.එම්. මලික් කියා සිටියේ පිටතට ශබ්දය නොඇසෙන සේ ශබ්ද විකාශණ යන්ත්‍ර ක්‍රියාත්මක කරන ලෙස සියළු ඉස්ලාම් දේවස්ථානවලට දැනුම් දී ඇති බවයි.

ඊයේ දිනයේදී නව සඳ දැක ගැනීමට නොහැකි වීම නිසා රාමසාන් උපවාසය හෙට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය දැනුම් දුන්නා.

ඒ අනුව උපවාසය නිමා කිරීමෙන් පසු රාත්‍රියේ ඉස්ලාම් දේවස්ථාන තුල පවත්වන ආගමික කටයුතු කෙටි කරන ලෙසටද දැනුම් දී ඇති බවයි මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.ආර්.එම්. මලික් වැඩිදුරටත් කියා සිටියේ.

හිරු

Related posts

බෙදුම්කරුවන්ට ඉන්ධන නිකුත් කරන්නැ. – මහජන බැංකුව තෙල් සංස්ථාවේ ගිණුම අත්හිටුවයි

Admin

වනිදුගේ 100 වන කඩුල්ල

Admin

නුවරඑළියට ඇතුළු වූ 85කට කොරෝනා

colombotoday

ඇමෙරිකා තානාපතිනිය සහ නව විදේශ ඇමති අතර හමුවක්

colombotoday

Fitness Tips – How much exercise you need to be healthy

colombotoday

හරිත ආර්ථිකයක් ස්ථාපනයට ජනපති නව නීති ගෙන ඒමට සැරසෙයි

Admin