Covid 19Uncategorized

නුවරඑළියට ඇතුළු වූ 85කට කොරෝනා

පිටස්තර ප්‍රදේශවල සිට නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇතුළුවීමට පැමිණි 85 දෙනෙකුට කොරෝනා වෛරසය ආසදනයවී ඇතැයි හඳුනාගෙන තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට ඇතුළුවන එක් මාර්ගයක් වන හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුගල මාර්ග බාධකයේදී සිදු කරන ලද අහඹු පී.සී.ආර්. පරීක්ෂණවලදී මේ බව තහවුරු වුණු බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

ඉන් වැඩි පිරිසක් අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් බවත් සෙසු අය බස්නාහිර පළාතේ සිට පැමිණෙන පිරිස් බවත් අනාවරණයවී තිබේ.

ආසාදිතයන් ප්‍රතිකාර සඳහා යොමු කර ඔවුන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයන්ට යොමු කර ඔවුන් ද පී.සී.ආර්. පරීක්ෂාවන්ට ලක් කිරීමට පියවර ගෙන ඇති බව ද අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

Related posts

වැල්ලවත්තේ සුපිරි නිවසකදී ශේෂාද්‍රිගේ අනියම් පෙම සැමියාට හසුවේ

colombotoday

විපක්ෂ මන්ත්‍රීවරු රැසක් ස්වයං නිරෝධායනයට

colombotoday

නව ආසාදිතයින් 354ක්

colombotoday

ළමයාට අයිති ළමා කාලය ඔවුන්ට රිසි සේ සැරිසැරීමට ඉඩ හරින්න

colombotoday

අවසන් තරගයේ ජය ඇෆ්ගනිස්තානයට

Admin

කොවිඩ් ආසාදනය වූ තවත් 1,808ක් හදුනා ගනී

colombotoday