Colombo Today Local News

සුළු සිදුවීම්වලින් මුස්ලිම් ජනතාව අන්තවාදය කරා තල්ලුවිය හැකියි – හකීම් අනතුරු අගවයි

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ ගෙන යන මෙහෙයුම් අගය කරන නමුත් නූතන මුස්ලිම්වරුන් අන්තවාදයට තල්ලු කිරීම සිදු නොකළ යුතු බව නගර සැළසුම්, ජල කළමනාකරණ සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ඊයේ (05) ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් මේ බව ප්‍රකාශ කළ රාවුෆ් හකිම් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ආරක්ෂක හමුදා සහ පොලීසිය ක්‍රියාත්මක කරන සෝදිසි මෙහෙයුම් මුස්ලිම් ජනයා විසින් සාදරයෙන් පිළිගෙන සහයෝගය ලබා දෙන බවයි. කෙසේ වෙතත්, මේ මෙහෙයුම් අතර සැළකියයුතු සිදුවීම් කිහිපයක්ද සිදුව ඇති බව ඔහු පවසයි. මෙවැනි සිදුවීම් නූතන මුස්ලිම් ජනතාව අන්තවාදී රැඩිකල්කරණය දක්වා තල්ලු කිරීමට ඉඩ ඇති බැවින් එවන් සිදුවීම් සිදු නොවීමට වග බලා ගත යුතු බව ඔහුගේ අදහසයි.

“මෙහෙයුම් අතරතුරදී සිදු වූ සුළු සුළු සිද්ධීන් සම්බන්ධව සමහර මිනිස්සු කම්පාවෙනවා. ගෙදර තිබිලා දෙමළ බසින් හෝ අරාබි බසින් ඉස්ලාමික ලියකියවිලි හසු වීම කෙනෙක් අත්අඩංගුවට ගන්න කාරණයක් නෙමෙයි. ඒවා ත්‍රස්තවාදී ලියවිලි නොවෙන්න පුලුවන්. සමහර වෙලාවට බින් ලාදන් විරෝධී හෝ අන්තවාදයට විරුද්ධ ලියවිලි සමහර මිනිස්සු ළඟ තියෙන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවට ආරක්ෂක අංශවලට මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ සහාය ලබාගන්න පුළුවන් මේ ලියවිලිවල අන්තර්ගතය සොයා බලන්නට.”

සමහර ඉස්ලාම් පල්ලිවල තිබී ආයුධ හසුවීම ගැන විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වැඳුම් පිදුම් කරන ස්ථානවල ආයුධ තබාගැනීම කිසිසේත්ම සුදුසු ක්‍රියාවක් නොවන බවයි. ත්‍රස්තවාදී ක්‍රියා සහ සාමාන්‍ය අපරාධ යන දෙවර්ගය කිසිසේත් මිශ්‍ර කර ගත යුතු නැති බව අමාත්‍යවරයාගේ අදහසයි.

මුස්ලිම් කතුන් විසින් මුහුණ ආවරණය කරන ඇඳුම් භාවිතා කිරීම සහ ලියාපදිංචි නොකළ ඉස්ලාම් පල්ලි පිළිබඳව අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඒ සඳහා අදාළ රජයේ ආයතන මගින් නිශ්චිත අත්‍යාවශ්‍ය පියවර ඉතා ඉක්මණින් ගනු ඇති බවයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ වී තිබෙන්නේ මුස්ලිම්වරු අතර සිටින අන්තවාදීන් පිරිසක් බව ඔහු අවධාරණය කළේය.

Related posts

සෙනසුරාදා දිවයිනේ සියලුම තැපැල් කාර්යාල වැසේ

colombotoday

උඩප්පුව සිට කල්පිටිය දක්වා සුන්දර වෙරළ තීරය ළගදීම කුණු කන්දක් ! (Photo)

colombotoday

නව ත්‍රස්‌ත මර්දන පනත මුළුමනින්ම අහෝසි කරන්න, ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලයි

colombotoday

යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් 27වනදා දිවයිනට

colombotoday

ෂාෆිගෙන් සැත්කම් කළ පසු දරුවන් අහිමිවූ මව්වරුන් 200කගෙන් පැමිණිළි…

colombotoday

මානසික රෝගය නිසා පෙම නැවතූ සරසවි සිසුවිය මැරූ හැටි සිසුවා වමාරයි

Admin