Colombo Today Local News

මානසික රෝගය නිසා පෙම නැවතූ සරසවි සිසුවිය මැරූ හැටි සිසුවා වමාරයි

විශේෂ දෙයක් කථා කරන්න ඕන කියලා මම ඇය තුරඟ තරඟ පිටියේ පිටියට රැගෙන ආවා. එහි දී “ඔයාව සප්‍රයිස් කරන්න ඕන කියලා” මම ඇගේ ඇස් බැඳ ගෙලට පිහියෙන් ඇන්නා යැයි කොළඹ තුරඟ තරඟ පිටියේ දී සිය පෙම්වතින බව කියන තරුණ’යගේ ගෙලට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වන සරසවි සිසුව පොලිසට ප්‍රකාශය ලබා දෙමින් ප්‍රකාශ කර ඇත.

“චුටි” මට නිතරම මම මානසික රෝගියකු කියලා පරිභය කරනවා. ඒ නිසා මම වේදනාවෙන් හිටියේ.’ මට අහිමි වන ඇයව වෙන කිසිවකුටත් අයිති නොවන්න ඇය මරන්න ඕන කියලා මම මාසයක පමණ කාලයක සැලසුම් කළ බව හදිසි කථාවක් තිබෙනවා කියලා මම චුටි ව තුරඟ තරඟ පිටියට කැඳවාගෙන රැගෙන ආවා.”

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි චතුරි හංසිකා මල්ලාකාරච්චි (24) නමැති තරුණයකි.

එම පීඨයේම ඉගෙනුම ලබමින් සිටි පසිදු චතරංග නමැති සැකකාර තරුණයා පොලිසියට කළ ප්‍රකාශයේ තවදුරටත් මෙසේද සඳහන් වේ.

මම 2019 වසරේ සිට මානසිත ව්‍යාකූල තත්තවක් වෙනුවෙන් බෙහෙත් ගන්නවා. චුටි සමග 2020 මිතුරු වුනා. ඇය මම බෙහෙත් ගන්නා බවට කිව්වේ නැහැ. නමුත් ඇය මීට මාස 4-5 පෙර ඒ බව දැනගෙන, මා අමනාප වුණා. අපේ සම්බන්ධය නතර කරමු කියලා ඇය එය නරත කළා.

ඇය වෙනස් වුණා. ඇය මට නිරතව “පිස්සා” කියලා බනිනවා. ඇය වෙනස් වුනේ වෙනත් සම්බන්ධයක් නිසා ද කියල මම හොයලා බැලුවා. නමුත් ඇයට එහෙම සම්බන්ධයක් තිබුණේ නැහැ. මට ඇය සම්බන්ධයෙන් සැකයක් තිබුණෙත් නැහැ. අය මට නිරතම මානසික රෝගියා කියලා බැන වදින නිසා මම ඇය සමග වේදනාවෙන් හිටියේ.

සම්බන්ධය නැති නිසා ඇය මට අයිති නැහැ. මට අහිමි වු ඇය වෙන කිසිවෙකුටත් හිමිවෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මම ඇය ඝාතනය කරන්න ඕන කියලා සැලසුම් කළා.

පසුගිය සෙනසුරාදා ඇය මා සමග බහින් බස් වුනා. ඇය කිව්වා අපි මේ සම්බන්ධය නවත්වමු කිව්වා. ඒ වනවිටත් ඇය සම්බන්ධය නවත්වලා තිබුණේ.

ඇය මරන්න ඕන කියලා මම සැලසුම් කළා. ඉරිදා වැල්ලම්පිටිය හංදියෙන් මම පිහියක් ද මිළ දී ගත්තා. අඟහරුවාදා ගෙදර ඉදන් ආවේ ඒ පිහිය බෑගයේ දමාගෙන.

උදේ පළමු දේශනයට සහභාගි වුණාට පසුව මම “චුටි” ට කිව්වා විශේෂ කතාවක් තියනවා කියන්න තරඟ තරඟ පිටියට යමුද කියලා.

මුලින්ම ඒයා අකමැත්ත පළ කළා පසුව බලකළ නිසා කැමති වුනා. අපි දෙන්නා ඇවිදගෙනම තුරඟ තරඟ පිටියට ආවා. පොකුණ තියන තැන අපි දෙන්න නැවතිලා කථා කළා. ඇය පිළිබඳ තරහත් තිබුණ නිසා මට ඇය මරන්නම හිත දුන්නා.

මම ඇයට කිව්වා ” මට ඔයාට සප්‍රයිස් එකක් තියනවා දෙන්න කියලා.. මම ඇය තුරඟ තරඟ පිටියේ ලකූණු පුවරුව වෙත කැඳවාගෙන ආවා

ඇයි යළිත් ඇහැව්වා මොකක් ද සප්‍රයිස් එක කියලා. ඒත් සමගම මම එකවරම එක් පිහි පහරක් ඇගේ ගෙල වෙත එල්ල කළා.. ඒ සමගම ඇය හයියෙන් කෑ ගහගෙන කළබල වෙලා ඇස් දෙක බැද තිබු ලේන්සුව ගලවාගෙන උදව් ඉල්ලා කෑ ගැහුවා . ඒ අවස්ථාවේ මෙම ඇයට තවත් පිහි පහරක් එල්ල කළා. සිද්ධිය වු ස්ථානයට ආසන්නයේ තරුණියන් පිරිසක් සිටියා ,, ඔවුන් එම ස්ථානයට පැමිණෙතැයි බියෙන් මම එම ස්ථානයෙන් පැනලා ගියා ,

මම පලා යන මොහොතෙත් මම “චුටි” දිහා නැවතත් හැරිලා බැලුවා ඒ මොහොතේ ”චුටි” කිසිදු හැල්හොල්මනත් නැතිව වැටිලා හිටියා.

එළියට දිව ගිය මම කෙලින්ම බස් එකක නැගලා වැල්ලම්පිටියට ගියා , ගියේ කෝචිචියට පනින්නයි. නමුත් බොහෝ වෙලාවක් හිටියත් දුම්රියක් ආවේ නැහැ. එම නිසා මම ගෙදරට ගියා . ගෙදරට ගොස් මගේ පොත් බෑග් ,ඇතුළු භාණ්ඩ ගෙදර තියලා සිය දිවි නසාගන්න කැලණ’ ගඟ දෙපාරක්ම පැන්නා.

අවසානයේ පොලිස් අත්අඩංගුවට පත් වුනා.

Related posts

විද්‍යාජෝති ආචාර්ය සී. ආර්. පානබොක්කේ අභාවප්‍රාප්ත වෙයි

Admin

පිළිකා ආසාදිත කුඩා දරුවන්ට විකිරණ ප්‍රතිකාර කටයුතු සිදුකරන යන්ත්‍රය අක්‍රීය වේ

Admin

දිවුලපිටියෙන් යාපනයට ආ සේවිකාවන් නිසා 22ක් PCR පරීක්ෂණයට

colombotoday

ජොන්ස්ටන් ගේ අරක්කු සමාගමේ මහා බදු වංචාවක්. යලි ආරම්භ කිරීමට රාජපක්ෂවරුන්ගේ ගුණ වයමින් ඉන්නවා. – ආනන්ද සාගර හිමි

colombotoday

ඇමති විජේදාසට එරෙහිව එජාපයෙන් කැරැල්ලක්.. ඇමතිකමෙන් ඉවත් කරන්නැයි ඉල්ලයි !

colombotoday

සංහිදියා පොලීසියට බොදු බලෙන් ටියුෂන් (Video)

colombotoday