Colombo Today Local NewsHot News

රණවිරු උපවාසය ලෙසින් කොටුවේ තිරගත වෙන ගුණමකු ජාතියක හෙළුව

රජය සේවා විශ්‍රාම වැටුප ලබා දීමේදී ආබාධිත රණවිරුවන්ට සිදු වූ අසාධාරණයට එරෙහිව මාරාන්තික උපවාසයක්‌ ආරම්භ කර සිටින අබාධිත රණවිරුවෝ ඊයේ (21 වැනිදා) වන විට අටවන දිනටත් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උපවාසයේ නිරතව සිටියහ.

මෙ වන විට ආබාධිත රණවිරුවන් දෙසියක පමණ පිරිසක්‌ මෙම උපවාසයට සහ විරෝධතාවට එක්‌ව සිටින අතර මේ දක්‌වා කිසිදු රජයේ නිලධාරියකු හෝ ආරක්‍ෂක අංශ බලධාරියකු එම ස්‌ථානයට පැමිණ ඔවුන් සමඟ සාකච්ඡා කර නොමැත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ පරිදි 2014 චක්‍රලේඛයට අනුව කිසිවකුට අසාධාරණයක්‌ නොවන පරිදි සේවා විශ්‍රාම වැටුප ලබා දිය යුතු යෑයි යන්න මෙම උපවාසයට එක්‌ව සිටින ආබාධිත රණවිරුවන්ගේ එකම ඉල්ලීම වී ඇත.

රජය මගින් ඉකුත් නව වැනිදා මෙම ආබාධිත රණවිරුවන්ට අදාළ සේවා විශ්‍රාම වැටුප ප්‍රදානය කිරීමට කටයුතු කරනු ලැබුවද එහිදී වසර දොළහට අඩු සේවා කාලයකින් පසු වෛද්‍ය හේතූ+න් මත විශ්‍රාම ගැන්වූ ආබාධිත රණවිරුවන් අතරින් සියයට 70 කට පමණ දැඩි ආසාධාරණයක්‌ සිදුව තිබෙන බවද උපවාසයේ නිරත රණවිරුවෝ පවසති.

මෙම විශ්‍රාම වැටුප ප්‍රදානය කිරීමේදී 2014 චක්‍රලේකය නොසළකා වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ මෙම රණවිරුවන් විශ්‍රාම යන අවස්‌ථාවේ ලබාදුන් මූලික වැටුපට අනුව සේවා විශ්‍රාම වැටුප ගණනය කිරීමට රජය පියවර ගැනීමෙන් මෙම ගැටලුව නිර්මාණය වී තිබේ.

රජයේ එම වැඩපිළිවෙළ හේතුවෙන් මීට වසර ගණනාවකට ඉහත විශ්‍රාම ගැන්වූ ආබාධිත ජ්‍යෙෂ්ඨ රණවිරුවන්ට හිමි වී ඇත්තේ රුපියල් 1500 හා 2000 ආදී වශයෙන් වූ සොච්චම් සේවා විශ්‍රාම වැටුපක්‌ බවද ඔවුහු පෙන්වා දෙති.

මේ වන විට තමන් මෙම උපවාසය ආරම්භ කර තිබීම හමුවේ පොලිස්‌ බුද්ධි අංශ නිලධාරීන් හා රජයේ පාර්ශ්ව එක්‌වී වීදි බැස සිටින ආබාධිත රණවිරුවන්ට එරෙහිව අසත්‍ය ප්‍රචාර ගෙනයැමේ වැඩපිළිවෙළක්‌ ආරම්භ කර තිබෙන බවද එම රණවිරුවෝ වැඩි දුරටත් සඳහන් කරති.

අබාධිත රණවිරුවන් මෙසේ උපවාසයක නිරතව සිටිනුයේ තමන්ට නිසි පරිදි නොලැබුණු සේවා විශ්‍රාම වැටුප කිසිවකුටත් අසාධාරණයක්‌ සිදු නොවන සේ ලබාගැනීමේ අරමුණින් වන අතර මෙහිදී උපවාසයේ නිරත පිරිස හා මියගිය රණවිරුවන්ගේ බිරින්දැවරු ඇතුළු වෙනත් ගැටලු පවතින විශ්‍රාමික රණවිරුවන් අතර මත ගැටුමක්‌ නිර්මාණය කිරීමේ කුමන්ත්‍රණයක්‌ද දියත්ව තිබේ.

යුද්ධය නිසා සම්පූර්ණයෙන්ම දැත් සහ දැස්‌ අහිමි වූ රණවිරුවන් ඇතුළුව පූර්ණ අබාධිත තත්ත්වයන්ට පත්වූ රණවිරුවන් විශාල පිරිසක්‌ ඊයේ (21 දා) වන විට කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පැවැත්වෙන මෙම උපවාසයට එක්‌වී සිටින අයුරුද එහි ගිය අපට දැක ගැනීමට ලැබුණු අතර එහිදී අදහස්‌ දැක්‌වූ ආබාධිත රණවිරුවකු වන එච්. එම්. එස්‌. මහින්දසිරි මහතා සඳහන් කළේ මෙවැන්නකි.

අපි දැන් දිට අටක්‌ තිස්‌සේ මහපාරට වෙලා දුක්‌ විඳිනවා. ඒත් අපේ ගැටුලවට නිසි විසඳුමක්‌ තවමත් ලැබුණේ නැහැ. ඒ නිසා දැන් අපි මරණය වැළඳ ගන්න හරි සූදානමින් තමයි මේ උපවාසය කරන්නේ.

අද වන විට අපේ ආබාධිත සහෝදර රණවිරුවන් හතර දෙනෙක්‌ මාරාන්තික උපවාසයක්‌ ආරම්භ කරලා ඉන්නේ. ඔවුන් කිසිදු ආහාරයක්‌ ගන්නේ නැහැ. ඒත් රණවිරුවා පාරේ මැරුණත් අද මේ ආණ්‌ඩුව ඉන්නේ අපේ සාධාරණ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදෙන තැනක.

යෝජිත සේවා විශ්‍රාම වැටුපට අදාළ පාරිතෝෂික දීමනාව ඇතුළු අපේ ඉල්ලීම්වලට විසඳුම් දෙනතුරු අපි මෙතනින් යන්නෙත් නැහැ. මේ පාර අපි මැරෙන්න බලාගෙන තමයි මෙතනට ඇවිත් ඉන්නේ.

අද සහ හෙට (22 -23) දියන් වන විට රටේ විවිධ ප්‍රදේශවලින් තවත් අබාධිත රණවිරුවන් විශාල පිරිසක්‌ මෙම උපවාසයට සහාය දක්‌වමින් කොළඹට පැමිණීමට නියමතිව තිබෙන බවද උපවාසයේ සහ විරෝධතාවේ නිරත ආබාධිත රණවිරුවෝ මෙහිදී පැවූසූහ.

උපන් බිම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ තමන්ට වත්මන් රජය මේ අන්දමින් සැළකීම ඉතා නින්දිත සහ පිළිකුල් සහගත බවද මෙහිදී ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.


රණවිරුවන්ගේ සුවදුක් විමසීම සදහා වැඩම කල බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි දැක්වූ අදහස්

Related posts

එජාප පසුපෙළ මන්ත්‍රීවරු 29ක් අලුත් ආණ්ඩුවකට සහය පලකරයි… කොන්දේසි මෙන්න

colombotoday

අධි සාන්ද්‍රණ අඩංගු මත්පෙති සමඟ පාසල් සිසුවෙක් අත්අඩංගුවට

Admin

රත්නපුරට – පැල්මඩුල්ලට ඇඳිරි නීතිය ඉවත් නොකෙරේ

colombotoday

වංචා දුෂණවලට සම්බන්ධ පුද්ගලයින් හෙළිදරව් කිරීමට සුදානම් – පුජ්‍ය ඇල්ලේ

colombotoday

විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම් අරුණි විජේවර්ධන

colombotoday

SB නපුංසකද ? නැද්ද ? බලන්න පරීක්ෂණයක්!

colombotoday